අපි හැමෝම වගේ ආදරේ කරන සුන්දර චරිත දෙකක් තමයි දුෂ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන කියන්නෙ. දුෂ්‍යන්ත් වීරමන් කියන්නෙ තරුණ තරුණියන් බොහෝ දෙනෙකුගේ හද බැඳගත් ගීත රැසක් නිර්මාණය කළ දක්ෂ ගායන ශිල්පියෙක්. ඒ වගේම තමයි ස්ටෙෆනි සිරිවර්ධන කියන්නෙ නිවේදිකාවක් ලෙස ආකර්ෂණීය ඉදිරිපත් කිරීම් සිදු කරමින් හැමෝගෙම ආදරය දිනාගත්ත සුරූපී චරිතයක්. ඉතින් මේ දෙන්නා නිර්මාණය කරන ආදරණීය වීඩියෝ බලන්න ගොඩක් අය සමාජ මාධ්‍ය හරහා එකතු වෙලා ඉන්නවා. අමාරුවෙන් ගලපගෙන සිංහල කතා කරන ස්ටෙෆනි එක්ක දුෂ්‍යන්ත් කරන වීඩියෝ අද සමාජ මාධ්‍යයේ බොහෝම ජනප්‍රිය යි.
කොහොම වුනත් දුෂ්‍යන්ත්ගෙයි ස්ටෙෆනිගෙයි වීඩියෝ රස විඳපු රසික රසිකාවියන්ට මේ පාර බලන්න වුනේ ඒ තරම් සතුටු හිතෙන වීඩියෝ එකක් නම් නෙවෙයි. ඒකට හේතුව තමයි මේ දෙන්නා දාපු වීඩියෝ දෙකේ Breakup වීමක් ගැන කතා කිරීම. කාර්යබහුල ජීවිතයත් එක්ක Breakup වෙන්න තිබුණා නම් හොඳයි වගේ අදහසක් තමයි මේ දෙන්නා වීඩියෝවල කියලා තිබ්බෙ. මුළු සමාජ මාධ්‍යයම කළඹපු මේ Breakup කතාව තවත් උණුසුම් වෙන්නෙ මේ දෙන්නා ඒ වීඩියෝ දෙකට comments වලින් දක්වපු ප්‍රතිචාරත් එක්ක.
කොහොමත් නමුත් දුෂ්‍යන්ත්ට සහ ස්ටෙෆනිට ආදරේ කරන රසික රසිකාවියන්ගෙ එකම බලාපොරොත්තුව නම්, මේ Breakup කතාව හොඳ විදිහට විසඳිලා නැවත් මේ ආදරණීය කපල් එක සතුටින් ඉන්නවා දකින එකයි.
දුෂ්‍යන්ත්ගෙයි ස්ටෙෆනිගෙයි Breakup කතාව මග හැරුන අය මෙතැනින් බලන්න
දුෂ්‍යන්ත් සහ ස්ටෙෆනිගෙ වීඩියෝ
https://www.facebook.com/stephaniesiriwardhana1
https://www.facebook.com/dushyanth.dstar/videos/823560479165010



