World News

කාරුණික ගුරුතුමිය මරා දැමූ පාසල් සිසුන් දෙනා නීතියේ රැහැනට!

ඇමරිකා එක්සත් ජනපදයේ භාෂා ගුරුවරියක් ලෙස කටයුතු කල නොහේමා ග්‍රේබර් නැමැති වයස අවුරුදු 66 ක් ගූරුවරිය 16 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙක් වන චේයිඩන් මිලර් සහ ජෙරමි එවර්ට් යන සිසුන් දෙදෙනා අතින් සාහසික ලෙස ඝාතනය වී තිබෙනවා. ෆෙයාර් ෆීල්ඩ් උසස් පාසලේ සේවය කල මෙම ගුරුවරිය වසර ගණනවක් තිස්සේ දරුවන් දහස් ගණනකගේ නැණ නුවන් පාදා තිබෙනවා.මෙම සිසුන් දෙදෙනා කාලයක් තිස්සේ සැලසුම් කර මෙම ඝාතනය සිදු කර තිබෙන බව වැඩිදුර විමර්ෂන වලදී හෙලි වී තිබෙනවා.

මිය් ගිය ගුරුවරියගේ දුව සහ පුතා තමන්ගේ ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙන්නේ මෙම අසරණ දරුවන් දෙදෙනාට තමන් සමාව ලබා දෙන බවයි. එසේම තම මව මැරීමෙන් පසු ඔවුන්ගේ ජීවිත වලට ලැබෙන සැනසීමක් වෙයි නම් එය ඔවුන්ට ලබා ගැනීමට හැකි වේවා යනුවෙන්ද ඔවුන් දෙදෙනා ප්‍රකාශ කර තිබෙනවා.

ග්‍රේබර් ගුරුතුමිය අවසන් වතාවට ජීවතුන් අතර සිටින ආකාරය දැක තිබෙන්නේ නොවැම්බර් දෙවන දා වන අතර ඉන්පසුව ඇයගේ ශරීරයේ කොටස් හමු වූයේ නොවැම්බර් තුන් වනදායි.

මෙම සිසුන් දෙදෙනා කුමන හේතුවක් නිසා මේ තරම් කරුණාවන්ත සහ සැමටම ආදරයෙන් සලකන ගුරුවරියක් මරා දැම්මේද යන්න තවමත් හෙලි වී නැහැ. කෙසේ වෙතත් දහස් ගණනක් පිරිස කම්පා වන්නේ ඇය වැනි වටිනා කාන්තාවකගේ අහිමි වීම පිලිබදවයි.

අවාසනාවන්ත ලෙස ඝාතනය වූ පාසල් ගුරුතුමිය.

Leave a Comment