Local News

සිසුවාට ඉගැන්වූ අමුතුම පාඩම නිසා ගර්භණී ගුරුතුමියගේ වැඩ තහනම්!

මියාමි ප්‍රාන්තයේ ගර්භනී ගුරුවරියක් වයස් අවුරුදු 15 ක ශිෂ්‍යයෙක් සමග අයතා සම්බන්ධයක් පැවැත්වීම නිසා වැඩ තහනමකට ලක් කර තිබෙනවා. වයස අවුරුදු 41 ක් වන ඇය හෙයිරි කැල්වි වන අතර පසුගිය සෙනසුරාදා දිනයේ අත් අඩංගුවට පත් වී තිබෙනවා.

ඇයට චෝදනා එල්ල වී තිබෙන්නේ වයස අවුරුදු 15 ක බාල වයස්කාර දරුවෙක් සමග ලිංගිකව හැසිරීම වන අතර ඇය තමන්ගේ නිරුවත් ජායාරූප වට්සැප් හරහා ඔහුට යවා තිබෙනවා. එසේම මෙම ශිෂ්‍යයා ඇය විසින් එසේ එවන ලද ජායාරූපත්, ඔවුන් දෙදෙනා ලිංගිකව හැසිරෙන විට පටිගත කරන ලද වීඩීයෝ පටත් යහලුවන් සමග නැරඹීමට පුරුදු වී තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කර තිබෙන්නේ මෙම සැකකාර ගුරුතුමිය තමන්ගේ ක්‍රෙඩිඩ් කාඩ් වලින් එකක්ද ශිෂ්‍යාට ලබා දී ඇති බවයි. ඔවුන් දෙදෙනා එකට විවිධ සාද වලට සහභාගී වී ඇති අතර ඔවුන් නෑයන් වන බව සියලු දෙනාට පවසා තිබෙනවා.

විමර්ශණ වලදී ශිෂ්‍යාගේ දුරක්තනය පරීක්ෂා කිරීම් වලට භාජනය කර ඇති අතර එහි තිබී ගුරුතුමියගේත් ඔහුගේත් ජායාරූප සහ වීඩීයෝ පට විශාල සංඛයාවක් සොයා ගැනීමට පොලීසිය සමත් වුනා. බාලවයස්කාර දරුවෙකුට හානි වන අයුරින් හැසිරීම ඇතුලු චෝදනා රැසකට හෙයිරි කැල්වි චෝදනා ලබා තිබෙනවා.

ඇය නැවතත් උසාවියට ඉදිරිපත් කිරීමටද නියමිතයි.

mail online

Leave a Comment