Gossip Lanka

‘ලොකු බොරුවක් කියන්නට කලින් ගූගල් කරල හරි බලන්න තිබුණා. හිට් වෙන්න එන අය ප්ලීස්, මේ ක්ෂේත්‍රයට එන්න එපා’ ත්‍රිකලා ධරණී පුෂ්පිකාට කියූ සැර කතාව

පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩිපුර ඇහුණු නමක් තමයි ත්‍රිකලා ධරණී කියන නම. ඒ මොකද ඇය ඇගේ මුදල් වලින්ම range rover නම් සුපිරි මෝටර් රථයක් මිලදී ගෙන තිබුණා. ඒ විශේෂත්වය වන්නේ එය රෝස පැහැති වාහනයක් වීමත් ඇය ඉපයූ මුදල් වලින් පමණක් මෙය මිලදී ගැනීමත් බව ඇය සඳහන් කළ නිසාවෙන්.

ත්‍රිකලා ධරණි කියන්නේ ලංකාවෙ ඉන්න ජනප්‍රියම සහ පොහොසත්ම නිරූපණ ශිල්පිනියක්. ඇය 2017 වසරේ මිසිස් යුනිවර්ස් කිරුළ දිනාගත්තා. යළිත් ඇය ගැන විශාල කතා බහක් ඇති වුණේ ලෝක විවාහක රූ රැජිණ කිරුළ සඳහා සහභාගි වුණු පුෂ්පිකා ද සිල්වා ගැන මුහුණු පොත හරහා පළ කළ සටහනක් මූලික කරගනිමින්. එම සටහන,

” මගේ රට නියෝජනය කරන්නට ලෝකයේ වැඩිම රටවල් ගණනක් (90) සහභාගීවන විශාලතම රූ රැජින තරගාවලියට ගිය කිරුළක් දරාපු කෙනෙක් නිසාවෙන් රට ගැන පොඩි හරි කැක්කුමක් ඇති නිසාවෙන් ද තවත් නිහඬව සිටීම රටේ ජනතාවට කරන අසාධාරණයක් නිසාවෙන් මෙලෙස ලියමි. යම්කිසි රූ රැජින තරගාවලිය ක විශාලත්වය තීරණය වන්නේ එම ලොක තරගාවලියට සහභාගි වන රටවල් ගනන අනුව. ඒ අනුව universe, world තරගාවලි දෙක ලොව වඩාත්ම පිළිගත් ද්විත්වය වේ.

මෙම විවාහක රූ රැජින තරගාවලියෙන් ලංකාවෙන් ජය ලබා යම්කිසි රූ රැජිනක් රට නියෝජනය කරන්නට යන විට අනිවාර්යයෙන් සම්පූර්ණ විය යුතු සාධක තිබෙනවා. ඒ අතර සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන ලෝකයේ කාන්තාවන්ට ආදර්ශයක් වෙන්නට හැකියාව ඇති කෙනෙක්ට උපදෙසක් දීමට personality එකක් කියන role model කෙනෙක් විය යුතුමය. දරුවකු සිටීම ද මීට අතිශය වැදගත් කාරණාවකි. මක්නිසාදයත් පවුල නැමැති ලොව කුඩාම ඒකකය සමබරව පවත්වා ගන්නට නොහැකි කෙනෙකුට ලොවටම ආදර්ශයක් වන ඔටුන්නක් දරන්නට නොහැකි බැවිනි.

ඒ අතරම සමාජ දැනුම, භාෂාව හැසිරවීම යම් මට්ටමකට උගත්කමක් ද තිබීම අනිවාර්යයි. මේ කිසිම දෙයක් නැති කෙනෙක් රටක් නියෝජනය කරන්නට යැවීම ලෝකයක් ඉස්සරහ උඩ බලන් කෙළ ගහ ගත්තා වගේ ක්‍රියාවක්. මෙවැනි තරගාවලියක කිසිවිටෙකත් හතර පහ හය ආදී ස්ථාන තෝරන්නෙ නැති බවටත් ලොකු බොරුවක් කියන්නට ප්‍රථමයෙන් ගූගල් කරලා හරි බලන්න තිබුණා මොලේ චුට්ටක් හරි පාවිච්චි කලානම්.ඒ මදිවට නිව්ස් වලටත් දීලා තිබුණා.

ප්‍රසිද්ධ වෙන්න ඕනා නම් මෙගා ටෙලි නාට්‍යයක රඟපාන්න. හැමතිස්සෙම ටීවී එකේ පේන්න ඉන්න. රූ රැජිනක් කියන්නේ ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. හිට් වෙන්න එන අය ප්ලීස් මේ ක්ෂේත්‍රයට එන්න එපා. රටේ නම තමන්ගේ නම ක්ෂේත්‍රයේ නම ලෝකෙ ඉස්සරහ විහිළුවක් නොකර ඉන්න බලන්න. මීට තිකලා ධරණි, ශ්‍රී ලාංකීය විශ්ව විවාහක රූ රැජින 2017, Mrs Universe Honesty 2017 south Africa.”

Leave a Comment