කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයින් පිරිස විසින් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
මේ හේතුවෙන් එම අංගනවල සිට ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය ධාවනය නොවන බව වාර්තා වේ.
එමෙන්ම හෙට (12) දින දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය පවසයි.
එම සංගමය විසින් වර්ජනය සම්බන්ධයෙන් පාලන අධිකාරිය දැනුවත් කර ඇතැයි ද වාර්තා වේ.
දැනට අනුමතව ඇති අමාත්‍ය මණ්ඩල තීරණ මත බඳවාගැනීමේ පරිපාටිය සංශෝධනය කරන ලෙසත් ඒ අනුව වසර 5කට ආසන්න කාලයක් ප්‍රමාද කර ඇති ශ්‍රේණි උසස්වීම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙසත් ඉල්ලමින් එම සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇත.