Entertainment

මායා කතා වල හිටපු අය ඇත්ත ලෝකේ හම්බුන අවස්තා 6 ක් මෙන්න!

තමන්ට පාද තුනක් තිබුනත් පාපන්දු ක්‍රීඩා කරන්න පුරුදු වුන පුද්ගලයෙක්, වෙන කිසිම කෙනෙක් එක්ක නැතුව  එකිනෙකා සමග විතරක් කතා කරන නිවුන් සහෝදරියන් දෙන්නෙක් වගේම පෞර්ශත්වයන් 24 ක් තියෙන පුද්ගලයෙක් ඇතුළු අපි මායා කතා වල විතරක් දැකපු පුද්ගලයන් ඇත්ත ලෝකේ හම්බුන අවස්තා නවයක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. මේ පුද්ගලයන් අපිට පුදුමාකාර වුනත් ඔවුන් මේ ලෝකයේ සාමාන්‍ය විදියට ජීවත් වෙනවා. ඉතින් අපි බලමු මේ පුද්ගලයන් හය දෙනාගේ විශේශතා මොනවද කියල.

  • “වනාන්තරයේ මිනිසා” – පේටෘස් ගොන්සාල්වුස්.

බියුටි ඇන්ඩ් බීස්ට් චිත්‍රපටිය කියන්නේ ගොඩක් දෙනෙක් අනිවාර්‍යෙන්ම නරඹලා තියෙන චිත්‍රපටියක්. ඒකෙ ඉන්න රාක්ෂ පෙනුමක් තියෙන පුද්ගලයා බොහොම රූමත් කාන්තාවකට ආදරය කරනවා. අපි හිතුවට මේ කතාව ගොතපු මායා ප්‍රබන්ධයක් කියල ඇත්තටම ඒක සත්‍ය කතාවක්. 1537 වර්ෂයේ ටෙනෙරිෆ් වල අසාමාන්‍ය දරුවෙක් උපත ලැබුවා. මේ දරුවාගේ ශරීරයෙ සම්පූර්ණයෙන්ම ලෝම වලින් ආවරණය වෙලයි තිබුනේ.

දරුවා ලැබුනු පසු දෙමාපියන් විශ්වාස කලේ මේ දරුවා යක්ෂ බන්ධනයකට අසු වී ඇති බවයි. මෙය චර්ම රෝගයක් බව ඔවුන් තේරුම් ගත්තේ පේටෘස් ට වයස අවුරුදු 10 ක් වන විටයි. ඔහුගේ මෙම ශරීර ස්වාභාවය නිසා ඔහු හැදින්වූයේ වනාන්තරයේ මිනිසා යන නාමයෙනුයි. ඔහුගේ පෙනුම කෙසේ වෙතත් ඔහු බොහෝ බුද්ධිමත් දරුවෙක් උනා. ඉතා ඉක්මනින් ප්‍රංශ භාෂාව හොදින් ඉගෙන ගත් ඔහු ප්‍රංශයේ දෙවන හෙන්‍රි රජතුමාගේ අනුග්‍රහයෙන් හොද අධ්‍යාපනයක් ලබා ගත්තා. රජතුමාගේ මැදිහත් වීම යටතේ නිසි වයසට එලැබි ඔහු ඉතා හොද පවුල් ජීවිතයක්ද ගත කලා. ඔහුට දරුවන් 6 දෙනෙක් ලැබුණු අතර ඉන් හතර දෙනෙක්ම පියාගේ ජාන වලට හිමිකම් කියමින් චර්ම රෝගයට ගොදුරු වුනා. පේටෘස් සහ ඔහුගේ බිරිද කැතරින්ගේ දරුවන් අතරින් විශාල ජනප්‍රියතාවයක් හිමි කරගත්තේ මැග්ඩෙලේනා සහ ඇන්ටොයිනෙට් නම් දැරියන් දෙදෙනායි.

පේටෘස් ගේ ආදරණීය බිරිද කැතරින් මිය යාමෙන් පසු පේටෘස් තමන්ගේ පවුලත් සමග ඉතාලියේ පදිංචි වුනා. පේටෘස් ඉතාලියේදී මරුමුවට පත් වූ අතර මිය යන විට ඔහුගේ වයස අවුරුදු 81 ක්. ඔහුගේ ජීවිත කතාව බියුටි සහ බීස්ට් කතාව සදහා පාදක වූවා මෙන්ම ඔහුගේ විශේෂිත චර්ම රෝගය පිලිබදව අධ්‍යනය කිරීමට වෛද්‍යවරුන්ට අවශ්‍ය මූලාශ්‍ර ලබා ගැනීමටද හැකි වුනා.  

  • පාද තුනේ පාපන්දු ක්‍රීඩකයා – ෆ්‍රැන්සෙස්කෝ ලෙන්ටිනී

ෆ්‍රැන්සිස්කෝ ඉතාලියේ උපත ලැබුවේ 1889 වර්ෂයේදීයී. ඔහු සමග තවත් නිවුන් දරුවෙක් කුස තුල හටගත්තත් යම් හේතුවක් නිසා ඔහුගේ නිවුන් සහෝදරයාගේ ශරීරය ඔහුගේ කොදු ඇටපෙල සමග සම්බන්ධ වී තිබුනා. එහි ප්‍රතිපලයක් ලෙස ඔහු උපත ලැබුවේ පාද තුනක් සහිත දරුවෙක් ලෙසයි.

ෆ්‍රැන්සෙස්කෝ ගේ අනෙක් සහෝදර සහෝදරියන් 11 දෙනාම සාමාන්‍ය දරුවන් වූ අතර ඔහුගේ දෙමාපියන් ඔහුව හදා වඩා ගැනීම ප්‍රතික්ෂේප කලා. මුලදී ඔහු තමන්ගේ ජීවිතය පිලිබදව කල කිරීමකින් පසු වූවත් පසුව තමාටත් වඩා දුර්වලතා සහිත දරුවන් දැක තමන්ට ලද ජීවිතය අගය කරන්නට හුරු වුනා. එතැනින් පසු ඔහු සෑම මොහොතක්ම සතුටින් ගත කිරීමට උත්සාහ කල අතර තමන්ගේ අධ්‍යාපන කටයුතු වලද ඉතා හොදින් නිරත වුනා.

ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ ශරීරයට අනුගත වූ ඔහු බයිසිකල් පැදීමට, ෆුට්බෝල් සෙල්ලම් කිරීමට සහ සර්කස් සංදර්ශන වලට සහභාගී වීමද සිදු කලා. පාද තුනක් සහිත මෙම ක්‍රීඩකයාට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ අතර ඔහු තමන්ගේ ජීවිත කතාව අළලා පොතක්ද රචනා කරනු ලැබුවා.

වයස අවුරුදු 30 දී, ෆ්‍රැන්සෙස්කෝ ඇමරිකා පුරවැසි භාවය හිමි කරගත් අතර තෙරේසා මුරේ නම් කාන්තාවක්ද විවාහ කරගනු ලැබුවා. ඔහුට නිරෝගී දරුවන් හතර දෙනෙක් හිමි වුනු අතර ෆ්‍රැන්සෙස්කෝ මිය ගියේ අවුරුදු 77 දීයී.

  • අසාමාන්‍ය බුද්ධිමත් බවක් හිමි, ක්‍රිස්ටියන් හෙයින්‍රිච් හෙයින්කෙන්.

මෙම අසාමාන්‍ය බුද්ධිමත්බවක් හිමි දරුවා උපත ලැබුවේ 1721 වර්ෂයේ ජර්මනියේ ලුබෙක් නගරයේයී. ඔහුගේ පියා පෝල් හෙයින්කෙන් වූ අතර ඔහු කලා ශිල්පියෙක් සහ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වූවා. ඔහුගේ මව කලා ශිල්පිණියක් සහ රසවිද්‍යාඥවරියක් වුනා. වයස මාස දහයක් වන විට වචන උච්චාරණය කරමින් වාක්‍ය පවා පැවසීමේ හැකියාව ඔහු සතු වුනා. ඔහු සතුව ඉතා හොද මතක ශක්තියක් තිබූ අතර ඔහුට ලතින් බයිබලය මතකයෙන් පැවසීමේ සුවිශේෂී හැකියාවක් තිබුනා. ඉතා කුඩා අවදියේදී ඩෙන්මාර්ක ඉතිහාසය පිලිබදව දේශනයක් පැවැත්වීමේ අවස්තාවද ඔහුට හිමි වුනා. එම දේශණයට සවන් දුන් අධිකරණ සභාවේ සිටි වියතුන් පවා අතිශයින් පුදුමයට පත් වුනා. මෙසේ තමන් ජීවත් වූ මුල් වසර කීපයේදීම ලොවක් පුදුම කල ඔහු අවාසනාවන්ත ලෙස වයස අවුරුදු හතරේදී මරු මුවට පත් වුනා. ඒ එකල විශාල ලෙස ව්‍යාප්ත වූ සුෂීරක රෝගය වැලදීම නිසායි.

  • මාර්ටින් සහ ඇනා බේට්ස්.

අඩි හතක් සහ අගල් පහක උසකින් හෙඹි තරුණියකට සැමියෙක් සෙවීම ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවෙයි. කෙසේ වෙතත් 1846 වසරේ උපත ලැබූ අසාමාන්‍ය ශරීර ප්‍රමාණයකින් යුත් ඇනා බේට්ස් මෙම අභියෝගය ජය ගැනීමට සමත් වුනා. ඇයගේ පවුලේ අනෙකුත් සියලුම සාමාජිකයන් සාමාන්‍ය පුද්ගලයන් වෙද්දී ඇනා බේට්ස් ඉතා විශාල ශරීරයකට හිමිකම් කියනු ලැබුවා. වයස අවුරුදු 25 දී ඇය සර්කස් කර්මාන්තයේ නියැලි සිටි තරුණයෙක් වූ මාර්ටින් බේට්ස් සමග ආදරයෙන් බැදුණු අතර ඔහුගේ උස අඩි 6 ක් සහ අගල් අටක් වූවා.

කෙසේ හෝ ඔවුන් දෙදෙනා විවාහ දිවියට පත් වූ අතර ඔවුන් දෙදෙනා අනෙක් අයගේ මතකයේ රැදුනේ අධික උස නිසා හෝ ඔවුන්ගේ ශරීර ප්‍රමාණය නිසා නම් නොවෙයි. ඔවුන් දෙදෙනා තුල රගපෑමට, ගීත ගායනා කිරීමට සහ සංගීතයට තිබූ විශාල දක්ෂතාවය නිසා ඔවුන් බොහෝ දෙනෙකුගේ හදවත් දිනා ගැනීමට සමත් වුනා.

විවාහයෙන් වසර නවයකට පසු ඇනා හෘදයාබාධයකින් මිය ගිය අතර මාර්ටින් නැවත විවාහ දිවියට පත් වුනා.

  • පෞර්ෂත්වයන් 24 කින් හෙඹි පුද්ගලයා – විලියම් ස්ටැන්ලි මිලිගන්.

මිනිසා හදුනා ගැනීම සිතන තරම් පහසු නැහැ. බොහෝ වෙලාවට මිනිසෙකුට තිබෙන්නේ පෞර්ෂත්වයන් එකක් හෝ දෙකක් පමණයි. නමුත් විලියම් ස්ටැන්ලි හට එකිනෙකට වෙනස්, එකිනෙකට සම්බන්ධ නොවන පෞර්ශත්වයන් 24 ක් තිබූ බව සොයා ගනු ලැබුවා. ඔහුගේ ඉලක්ක කරා ලගා වීමට උදව් කරන පෞර්ශත්වයක්, ඔනෑම දෙයක් පාලනය කල හැකි පෞර්ශත්වයක්, ඇතුලු පෞර්ශත්ව ලක්ෂන 24 ක් ඔහු සතුව තිබෙනවා.

ඔහුගේ මනස තුල කුඩා දරුවෙක්, කාන්තාවක්, පුරුෂයෙක්, වැඩිහිටි පුද්ගලයෙක් සහ විවිධ විවිධ චරිත ලක්ෂණ වලින් හෙඹි පුද්ගලයන් රාශියකගේ එකතුවක් තිබීම සුවිශේෂී කරණයක් වුනා. ඔහු සමහරක් දෙනාට ඉතා හොදින් සැලකූ අතර තවත් සමහරක් දෙනා ඔහුව උසාවිය දක්වාද රැගෙන ගොස් තිබුනා. ඔහුගේ මෙම පෞර්ෂත්ව ආබාධය පිලිබදව උසාවිය දැනුවත් කිරීමෙන් පසු බිලී ගේ සිර දඩුවම අත් හිටවනු ලැබුවා. ඔහුව වසර දහයක් පුරා පුනරුත්තාපනය කෙරුණු අතර නිදහස් වීමෙන් පසු ඔහු චිත්‍රපට නිෂ්පාදන සමාගමක් ආරම්භ කරනු ලැබුවා. කෙසේ වෙතත් දිගින් දිගටම පාඩු ලැබීමෙන් පසු ඔහුගේ ආයතනය වසා දැමීමට තීරණය කරනු ලැබුවා.

ඉන්පසුව සියලුම දෙනා සමග සබදතා පැවැත්වීම නවත්වා දැමූ ඔහු වෙනත් ප්‍රදේශයක් පදිංචිය සදහා තෝරා ගනු ලැබුවා. ඉන්පසුව වයස අවුරුදු 59 දී ඔහු නේවාසික රෝහලකදී මිය ගොස් තිබුණා.

  • ඔටු දැරිය – එලා හාපර්.

එලා උපත ලබන විට බොහෝ සුන්දර දැරියක් වුනා. නමුත් අවාසනාවකට මෙන් බොහෝ දෙනෙක් ඇයගේ සුන්දර මුහුණ වෙනුවට දුටුවේ ඇයගේ ශරීරයේ තිබූ අසමාන්‍ය ආබාධයයි. ඇය උපත ලබා තිබුනේ කරකැවුණු පාද තුනක් සහිතවයි. සාමාන්‍ය පුද්ගලයෙකුගේ දණහිස් නැවෙන පැත්තට විරුද්ධ පැත්තේ මේ ආකාරයට දණිස් නැවීම නිසා ඇයගේ ශරීරයට විකෘති පෙනුමක් ලැබී තිබුනා.

වයස අවුරුදු 12 දී ඇය සර්කස් සංදර්ශනයක් සදහා සහභාගී වූ අතර එහිදී ඇයට ඔටු කෙල්ල යන අන්වර්ත නාමය හිමි වුනා. එහිදී ඇය සතියකට ඩොලර් 5000 කට අධික මුදලක් උපයා ගැනීමට හැකි උනා. වයස අවුරුදු 16 දී ඇය තීරණය කලේ සර්කස් සංදර්ශන වලට සමු දී තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමටයි. ඉන්පසුව වයස අවුරුදු 35 දී ඇය විවාහ වූ අතර ඇයට පුතෙක් උපත ලැබුවා. ඉන්පසුව ඇයට දුවණියක්ද ලැබූ නමුත් ඇයට කුඩා අවධියේම මිය ගියා. ඉන් කාලයකට පසු ඔවුන් හදා ගැනීම සදහා දුවණියක් ලබා ගත් නමුත් ඇයද මාස තුනකට පමණ පසු අවාසනාවන්ත ලෙස මිය ගියා.එයින් මාස තුනකට පසු එලාද තමන්ගේ ජීවිත ගමන අවසන් කර මිය ගොස්ට් තිබෙනවා.

Leave a Comment