Uncategorized

මට ඕන කසාද බදින්නෙ නැතුව එකට ජීවත් වෙන්න. – වොල්ගා කල්පනී.

මේ වෙනකොට “පාර දිගේ” ටෙලිනාට්‍යය කියන්නේ බොහොම ජනප්‍රිය එකක්. “ටුටූ” කියන්නේ මේ ටෙලිනාට්‍යයේ බොහොම ජනප්‍රිය චරිතයක්. ඉතින් ටුටූ විදියට රගපාන වොල්ගා කල්පනී එක්කයි මේ කතා බහ.

ටුටූට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හිතාගන්න බැරි තරම් ආදරයක් ලැබෙනවා. මම අභියෝග තියෙන චරිත වලට කැමැතියි. ටූටූ කියන්නෙත් මට අභියෝගාත්මක චරිතයක්. මම සම්ප්‍රදායික චෛර්හ්ට කරලම නැහැ. විශේෂයෙන්ම මම ටෙලි නාට්‍යයක බොළද පෙම්වතිය වෙන්න අස නැහැ. ටුටුට මිනිස්සු මෙච්චර ආදරේ ඇයි කියල මට හිතාගන්න බැහැ.

වොල්ගාත් මේ වෙලාවේ ආදරය හොයනවද?

ඔව්. මම ආදරේ හොයනවා. ඒත් ටුටූ තරමටම සමහර දේවල් ජීවිතේට ඕනමයි කියල මම හිතන්නේ නැහැ. ටුටුගේ වගේ හිතුවක්කාර ගතිත් මට තියෙනවා. මාත් දෙයක් ඕන වුනොත් ලබා ගන්න කෙනෙක් කොහොම හරි.

ටුටුගේ විලාසිතාවට ලැබෙන ප්‍රතිචාර?

බොහොම හොද ප්‍රතිචාර හම්බෙනවා. මමත් පෞද්ගලිකව ඒ විලාසිතා වලට ගොඩක් ආසයි.

දර්ශන තලයේ සුන්දර සිදුවීම් වෙනවා ඇති?

හැමදාම අමතක නොවන සිදුවීම් සිදු වෙනවා. මේ ලගදී දුශේණිගෙන් මට අමතක නොවෙන කනේ පාරක් හම්බුන. දුශේනි කනට ගහන්න බෑ කිව්වම මම කිව්වා තාත්ත්විකව ගන්න ඕන නිසා ගහන්න කියල. කොහොම හරි ඒ වෙලාවේ දුශේනි ගෙන් තරු විසික් වෙන්න කනේ පාරක් කෑවා.

වොල්ගා විවාහය දෙදරා යාමත් එක්කද කලාවෙන් ඈත් වුනේ?

මම ආදරයේදී බොළද වෙන කෙනෙක් නෙමෙයි.ජීවිතයේ සමහර තීන්දු තීරණ නිසා වරදින්න පුලුවන්. ඒත් මට නොකරපු දේවල් නිසා මඩ ප්‍රහාර වලට ලක් වෙන්න උනා.මම මානසිකව වැටුණු වෙලාවේ මම වෙනුවෙන් කවුරුත් හිටියේ නැහැ.මාව ශක්තිමත් කල අයට පින්.එයාලා නිසයි මම අද මෙහෙම ඉන්නේ.

නැවත විවාහ වෙනවද?

මගේ ආදරේ විවාහ සහතිකේකට වඩා පිරිසිදුයි.විවාහය කියන කඩදාසිය ආයෙමත් මගේ ජිවිතේට එකතු වෙන්නේ නැහැ. මම ආදරෙ කරන කෙනා පරිස්සමෙන් එයා ආස දේවල් කරගෙන ඉන්නවා දැකල සතුටු වෙන්න මට පුලුවන්. මම හිතන්නේ ඒක තමයි ආදරය කියන්නේ.

උපුටා ගැනීම – සිරිකත

Leave a Comment