Local News

වසංගතයෙන් මියයන අයට පාන්ශුකූලය Zoom තාක්ෂනය ඔස්සේ

කොරෝනා ආසදිතව මියයන බෞද්ධයන් වෙනුවෙන් පාංශුකුලය සහ සත් දින මතක යම් දේශනය සූම් තාක්ෂණය ඔස් ලබාදීමට සූදානම් බව හෙළ බොදු සවිය” සංවිධානය සඳහන් කරයි.

පාංශුකූලය දීමට මියගිය පුද්ගලයාගේ දේහය අවශ්‍ය නැති අතර, එළිමහන් ස්ථානයක සිට හෝ සූම් තාක්ෂණය ඔස්සේ හෝ පාංශුකූලය ලබාදිය හැකි බව ද හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංස හිමියෝ පවසති.

තව ද මතක ධර්ම දේශනය ද සූම් තාක්ෂණය ඔස්සේ සිදුකළ හැකි බව ද ඒ සඳහා සංචායාවහන්සේල්ලා කිසිදු පහසුකමක් බලාපොරොත්තු නොවන බව ද බුදුගල ජිනවංස හිමියෝ කියති.

පාංශුකුල කටයුතු සහ සත් දින ධර්ම දේශනා සඳහා දුරකතන අංක 0718124505, 0718012049 ඔස්සේ විමසීම් කළ හැකි බව ද උන්වහන්සේ සඳහන් කරති.

Leave a Comment