අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී අද (18) පැවැත්වූ විරෝධතා පා ගමනට සහභාගි වී සිටි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගත් බවඋසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
වසන්ත මුදලිගේ සමඟ එම පා ගමනට සහභාගි වී සිටි තවත් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.