වීරවිල එළිමහන් සිර කඳවුරේ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියන් දෙදෙනකු ඊයේ රාත්‍රි බන්ධනාගාර නිලධාරින්ගේ අත් අඩංගුවෙන් මිදි පලාගොස් ඇතැයි බන්ධනාගාර අධිකාරි කාරයාලය පවසයි.
මෙසේ පලාගොස් ඇත්තේ කොළොන්නාව පිරිවෙන පාර පදිංචි 27 හැවිරිදි රැඳවියකු සහ කැළණිය වනවාසල පදිංචි 29 හැවිරිදි තරුණ රැඳවියන් දෙදෙනකු බවද එම කාර්යාලය කියයි.
කොළොන්නාව පදිංචි රැඳවියා හෙරොයින් සන්තකයේ තබා ගැනිම සම්බන්ධ චෝදනාවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස අටක සිර දඩුවමක් නියම කර සිටි අයකු වන අතර කැළණිය පදිංචි රැඳවියා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනිම සම්බන්ධ චෝදනාවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් මාස හයක සිර දඩුවමක් නියමව සිටි අයෙකි.