Local News

වෙන්ව සිටි සැමියා දරුවන් තිදෙනා සහ බිරිඳ නැති අතරේ නිවසට ගිනිතියලා, මිලියන 2ක අලාභයක්

තණමල්විල, බෝදාගම හංදිය, 03 කණුව අසල පිහිටි නිවසකට පෙරේදා (30 වැනිදා) රාත්‍රීයේ එම නිවෙස් හිමි කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් ගිනිතබා රුපියල් ලක්ෂ 20 පමණ අලාභයක් සිදුකර ඇතැයි තණමල්විල පොලිසිය පැවසීය. මෙම ගින්නෙන් නිවස තුළ තිබූ ගෘහ භාණ්ඩ ඇතුළු සියලු උපකරණ ගිනිබත්වී ඇත.

තම දරුවන් තිදෙනා සමග කාන්තාවක එම නිවසේ පදිංචිව සිටින අතර, ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් ඇයගේ ස්වාමිපුරුෂයාට නිවසට පැමිණීම උසාවියෙන් තහනම් කර ඇත. ඔහු බිරිඳගේ වැඩිමල් සහෝදරියගේ ස්වාමිපුරුෂයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටින අයෙකි.

එදින රාත්‍රියේ බිරිඳ සහ දරුවන් තිදෙනා ඇයගේ මවගේ නිවසට ගොස් සිටි අවස්ථාවේදී ඇයගේ ස්වාමි පුරුෂයා පැමිණ නිවසේ දොරගුලු කඩා දමා නිවසට ගිනි තබා ඇති බව පැවසේ. තණමල්විල පොලිසිය පැමිණ ගම්වාසීන්ගේ ද සහාය ඇතිව ගින්න නිවා දමා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් 34 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

උපුටාගැනීම – අරුණ

Leave a Comment