සමේ පැහැය ටිකක් සුදු කරගෙන පැහැපත් සමක හිමිකාරිය වෙන්න මොන තරුණියද අකමැති. තමන්ගේ සමේ පැහැය පැහැපත් කර ගැනීමට අද කාලේ බොහෝ තරුණියන් නොයෙක් ආකාරයේ විලාසිතා ක්‍රම අනුගමනය කරනවා. ඒ වගේම සමහර රූපලාවන්‍ය ක්‍රම ඉතාමත්ම මිල අධික වෙනවා. ඒත් ඉතින් පැහැපත් සමක හිමිකාරීත්වය ලබාගැනීමට කැමැති ඕනෑම කාන්තාවක් මිල ගැන නම් සලකලා බලන්නේ නැහැ. ලෝකෙ පුරා ඉන්න බොහෝ කාන්තාවන් සිතන්නේ ලස්සන පැහැපත් සමක් කියන්නේ සුදු පාට කියලා. ඒත් ඉතින් සමේ පැහැයෙන් පමණක්ම ලස්සන තීරණය වෙන්නේ නැහැ. සමේ පැහැයට අභියෝග කරමින් ලොව දිනු යුවතියක් ගැන තමයි අද අපි ඔබත් එක්ක කතා කරන්නේ යන්නෙ.
ප්‍රතික්ෂේප වූ බොහෝ තැන් වලින් සිය සිහින දින වූ ඇයගේ කතාව ඇත්තෙන්ම අපි කාටත් ආදර්ශ රැසක් ලබා දෙනවා. ඇය නමින් විනී හාර්ලෝ. ඇය මේ වන විට ලොව ප්‍රකට හොඳම නිරූපිකාවන් අතර සිටින තාරකාවක් වනවා. ඇය කැනඩාවේ උපත ලැබූ කාන්තාවක් වන අතර ඇගේ දෙමව්පියන් ජැමෙයිකා සහ කැනඩා සම්භවයෙන් යුක්ත වූවන් වීම විශේෂත්වයක්. 1994 වසරේදී උපත ලබන ඇය මේ වන විට විසි හත් වන වියෙහි යුවතියක් වනවා. ඉතින් මං කලින් සදහන් කලානේ ඇය ඇගේ සමේ පැහැය නිසාම ලොව දිනපු යුවතියත් කියලා. ඒකට හේතුව තමයි මං දැන් කියන්න යන්නෙ.

ඇය 4 වැනි වියට පා තබනවාත් සමඟ ඇයගේ ස්වභාවික සමෙහි පෙර නොවූ විරූ වෙනස්කම් මතු වෙන්නට පටන් ගන්නවා. සමෙහි තැනින් තැන සුදු පැහැයෙන් යුක්ත වීමත් අනෙක් තැන්වල ස්වාභාවික සමේ පැහැයත් තිබීම නිසා ඇය නිරතුරුවම අනෙක් අයගේ විහිළුවට ලක් වුණා. ඉතින් එම රෝග ලක්ෂණය අපගේ ව්‍යවහාරයට අනුව නම් සුදු කබර රෝගී ලක්ෂණයයි. ඉතින් මෙම රෝගය සඳහා නොයෙකුත් ආකාරයේ ප්‍රතිකාර ගැනීමට ඇය යොමු වුවත් එය නිෂ්ඵල කාර්යයක් වුණා. ඇයගේ සමේ පැහැය නිසාම පාසලේ බොහෝ දෙනා එළදෙන , සීබ්රා ආදී අන්වර්ථ නම් වලින් ඇයට විහිළු තහළු කළා.
ඒ වගේම කිසිම කෙනෙක් ඇය සමඟ සෙල්ලම් කිරීමටවත් කැමති වෙලා නැහැ. හැම වෙලාවකම ඔවුන් කළේ ඇයව කොන් කරන එක. ඇගේ යහළු යෙහෙළියන්ගේ දෙමව්පියන් පවා ඔවුන්ට පවසා ඇත්තේ ඇයගේ එම රෝගය බෝවන රෝගයක් නිසා ඇගෙන් පුලුවන් තරම් ඈත් වෙලා ඉන්න කියලයි. ඉතින් මිනිසුන්ගේ මේ නපුරු හැසිරීම නිසා ම ඇය පාසල් ගණනාවකට මාරු කරනු ලැබූ අතර ඇයගේ ජීවිතය නැතිකර ගැනීමට පවා ඇයට සිතුනු වාර බොහොමයි. මේ විදිහට සමාජයෙන් ම ප්‍රතික්ෂේප වුණු මේ අසරණ තරුණිය ඒ වන විට ලෝක ප්‍රකට විලාසිතා නාමයක් යටතේ නිරූපණ ක්ෂේත්රයට පිවිස ඉදිරියට යෑමට සිහින දකිමිනුයි හිටියේ.

ඉතින් එම සිහිනය පසුපස හඹා යන ඇය තමන්ගේ නොයෙක් ආකාරයේ ඡායාරූප සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පළ කරනු ලබනවා. ඉතින් මෙම ඡායාරූප දැකපු ඇමෙරිකානු නිවේදිකාවක් වන ටයිරා බෑන්ක් America’s next top model කියන තරඟයට ඇයව යොමු කරනවා. ඉතින් එම තරඟයේ අවසන් වටය දක්වා පැමිණෙන ඇයට නොයෙක් ආකාරයේ විලාසිතා නාමයන් යටතේ නිරූපිකාවක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව උදාවෙනවා. ඉතින් මෙම අවස්ථාව නිසාම ඇය බොහෝ සෙයින් ප්‍රිය කළ ඇමරිකානු නිළි හාර්ලෝගේ නාමය එතැන් සිට පාවිච්චි කරන අතරම ලෝක ප්‍රසිද්ධ ජනප්‍රිය වෙළෙඳ සන්නාමයන් යටතේ නිරූපිකාවක් ලෙස ඉන්පසු ඇයට සේවය කිරීමට හැකියාව ලැබෙනවා.
ඉතිං 2015 වසර වන විට ඇය නිරූපණ ක්ෂේත්රය ඔස්සේ බොහෝ ජයග්‍රහණ ලබා ගත් අතරම ලන්ඩන් විලාසිතා සතියේ නිරූපිකාවක් ලෙස කටයුතු කිරීමටත් සුප්‍රසිද්ධ සඟරාවල මුල් කවරය තමාගේ ඡායාරූප වලින් සැරසීමටත් ඇය වාසනාව හිමිකර ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඇයගේ රෝගයෙන් පීඩා විඳින අනෙකුත් පුවැසියන් වෙනුවෙන් හඬක් නැගීමට ද ඇය අමතක කරන්නේ නැහැ. ඒ නිසාම ඇය සමාජ ක්‍රියාකාරිනියක් ලෙසින් ද කටයුතු කරනු ලබනවා. ඉතිං ඇයගේ ජීවිත කතාවෙන් අපට උගත යුතු දේ බොහෝයි. අපගේ ජීවිතයට පැමිණෙන ඕනෑම අභියෝගයක් ධනාත්මක ලෙස සිතා භාර ගතහොත් අපගේ ජීවිතය සාර්ථක කර ගැනීමට නිතැතින්ම අපට හැකි වෙනවා. ඉතින් අද අපි ඔබට කිව්වේ සමාජයම පිළිකුල් කළ ප්‍රතික්ෂේප කළ සමේ පැහැයෙන් මුළු ජීවිතයම ජය ගත් හරි අපූරු කාන්තාවක් ගැන. ඉතින් තවත් ඔබට මේ වගේ රසබර කතා දැනගන්න ඕනිනම් Naifm.lk සමග නිරතුරුවම රැඳී සිටින ලෙස ඇරයුම් කරනවා.

