‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් මුළු ලොවක් වසඟයට ගන්න හැකිවුණු මැණිකේ නොහොත් යොහානි ද සිල්වා අමුතුවෙන් හඳුන්වා දෙන්නට වුවමණා නැහැ. ලංකාවේ අපේ නම මුළු ලෝකයට ගෙනියන්න ද හැකි වුනු ඇය ඇත්තටම රටට වාසනාවක්.ඉතින් මෙම ගීතය මේ තරම් ආකර්ෂණය වන්නට ගියේ ඉතා කෙටි කාලයක්.
ඒ කොහොම වුණත් ඇයට මේ හේතුව නිසා විවිධ රටවල ප්‍රසංගවලට ආරාධනා ලැබුණා මේ සම්බන්ධයෙන් ඇයට ලැබුණු ජනප්‍රියත්වය නිසා. ඉතින් ලෝකෙ පුරාම ප්‍රසංග වලට ප්‍රසංගවලට සහභාගි වන යොහානි මේ වෙනකොට ඉන්දියාවේ මුම්බායි නුවර ගොඩක් කාර්යබහුල වෙලා සංගීත කටයුතු කරනවා. ඉතින් ඉදිරියේදී යොහානි ට ආදරේ කරන ප්‍රේක්ෂක ජනතාවට ඇගේ හඬින් ගායනා කරන අලුත් ගීත අසන්නටත් හැකියාව තියෙනවා.

ඉතින් ජනප්‍රිය තරු රාශියක් එක්කම ගනුදෙනු කරන ඇය පසුගිය දවසක ජැකලීන්වත් මුණ ගැහිලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ජනප්‍රිය කොලිවුඩ් නිළි තමන්නා සමගින් ගත්ත ඡායාරූපයකුත් ඇය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා. ඉතිං ලංකාවේ අපේ නාමය ලෝකයට ගෙන ගිය යොහානි ද සිල්වා ඉන්දියාවටම සින්න වෙයිද යන ගැටලුව ප්‍රේක්ෂකයන් හැටියට අපිට පැන නගින ප්‍රශ්නයක්. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා naifm අපි සුබ ප්‍රාර්ථනා එක් කරමු. මෙවැනි උණුසුම් ගොසිප් දැනගන්න දිගටම Naifm.lk වෙබ් අඩවිය සමගින් රැදී සිටින්න.


