යුරේනි නොෂිකා කිව්වම නොදන්න කෙනෙක් නොමැති තරම්. ඇය ගොඩක් නපුරු චරිතයක් කියල හැමෝ අතරම අදහසක් තියෙනවා. දෙමාපියන් නැතුව හොස්ටල් එකක ජීවත් වුන ඇය මේ වෙනකොට සාර්තක කාන්තාවක්. ඉතින් ඊයේ හිරු මෙගා ස්ටාර් තරගයේ ඇයගේ නිවේදනයත් බොහෝ දෙනෙක් අතර කතා බහට ලක් වුනා.
පුවත්පතකට අදහස් පල කරමින් යුරේනි ප්‍රකාශ කලේ හිරු මෙගා ස්ටාර් නිවේදන කටයුතු නිසා තමන් රංගනයෙන් ඈත් වී සිටින බවයි. මේ වන විට ක්ෂේත්‍රයට පැමිණ අවුරුදු 15 ක් ගත වුනත් තමන්ට ඒ තුලින් පමණක් ජීවිකාව සරි කර ගැනීමට අපහ්සු බව ඇය ප්‍රකාශ කලා. මේ නිසා ඇය ව්‍යාපාර කටයුතු කිහිපයකම නිරත වෙන බව ප්‍රකාශ කලා.
එවගේම දික්කසාදයකින් කෙලවර නොවෙන ආදර සම්බන්ධයක් හමු වෙන තුරු තමන් තනිකඩව් සිටින බවද ඇය ප්‍ර්කාශ කලා. අවසන් වරට ඇය ප්‍රකාශ කලේ ඇයගේම ටෙලි නාට්‍ය නිෂ්පාදනයක් සමගින් කරළියට පැමිණෙන බවයි.
තමන්ගේ කළා ගමන සාර්තක කරගන්න අපෙනුත් ඇයට උණුසුම් සුබ පැතුම්!
උපුටා ගැනීම – නෙත් ගොසිප්