Sports

අවසන් මහා තරඟයේ ක්‍රීඩා කරන සුපිරි ක්‍රීඩකයින් 11 දෙනා මෙන්න..

ආසියානු කුසලාන ක්‍රිකට් උණුසුම ලෝකය පුරාම විතරක් නෙවෙයි,මේ වෙද්දි අපේ ගේ දොරකඩටත් දැනෙන තරම් ඉහල මට්ටමකට ඇවිල්ලයි තියෙන්නෙ. මේක විශේෂම හේතුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම අවුරුදු අටකට පස්සෙ ආසියානු කුසලාන තරඟාවලියක අවසාන මහා තරඟයට සුදුසුකම් ලබල තියෙන එක.
ශ්‍රී ලංකාවේ ආසියානු කුසලාන අවසන් තරඟ ගැන අපි මීට කලින් වීඩියෝ එකකින් කතාකළා ඔබට මතක ඇති. ප්‍රධාන පෙලේ කුසලාන අවසන් තරඟවල පාකිස්ථානය කියන්නෙ අපිට ටිකක් හුරුපුරුදු ප්‍රතිවාදියෙක්.

ප්‍රේක්ෂකයන් විදියට අපිට තියෙන්නෙ මේ තරුණ කණ්ඩායම පරිස්සමෙන් බලාකියාගන්න අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන එක.ඔවුන් ආසියානු කුසලානය දින්නත් නැතත්, අපි කවුද කියන එක දැනටමත් ලෝකෙට ඔප්පු කරලා ඉවරයි.
ඉතින්,මේ අනවශ්‍ය කතා පැත්තකට දාලා ආසියානු කුසලානය මවුබිමට අරගෙන එන්න අපේ කණ්ඩායමට හැකිවෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු.

Leave a Comment