Entertainment

එංගලන්තය දණ ගැස්සූ JR ගේ සුපිරි මොළයෙන් ගොඩගත් මහා නිධානය

ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ට නැත්තෙම මොකද්ද? ඒ තමයි තැනට සුදුසු නුවණ. පොඩ්ඩක් ඉන්න. හැබැයි තැනට සුදුසු නුවණ නැත්තේ තමන්ගේ රටේ චන්ද දායකයින්ට සුවබර අනාගතයක් හදන්න විතරයි. තමන්ගේ මඩි තරකරගෙන වස්තුව එක් රැස් කරගන්න නම් එයාලට ඕනවටත් වඩා කල්පනා ශක්තිය තියෙනවා. කෝටි ගානක් යන සංවර්ධන ව්‍යාපෘතියක්, නොමිලේ ලබා ගන්නවා කියන්නේ ශ්‍රී ලංකාව වගේ පොඩි රටකට ලොකු හයියක්. පොඩි පාළම් ව්‍යාපෘතියකිනුත් කොමිස් ගහන රටක රටේ අනාගතය වෙනුවෙන් වෙහෙස මහන්සි වුන ඒ කාලයේ ජීවත් වුන හැබෑම නායකයින් නිසා අපිට ලැබුන මහාර්ඝ සම්පතක් තමයි වික්ටෝරියා වේල්ල කියන්නේ.

වික්ටෝරියා ජලාශය සාදා තිබෙන්නේ මධ්‍යම කඳුකරයේ දුම්බර මිටියාවත මැද්දෙන් ගලන මහවැලි ගඟට හුළු ගඟ එකතු වන ස්ථානයට ටිකක් පහළට වෙන්නටයි. මේ වේල්ල හදල තියෙන්නෙ මහවැලි ගඟේ පටුම ස්ථානයේ දී කියලත් සදහන් වෙනවා. දෙනිගල කන්දයි බෝලගල කන්දයි එකට යා කරන මේ වික්ටෝරියා වේල්ල තියෙන තැන මීටර් තුන්සීයක් වගේ පහලට වෙන්න පිහිටලා තිබුනේ වික්ටෝරියා නම් දිය ඇල්ල‍යි. වික්ටෝරියා වේල්ලට ඒ නම ලැබුනේ වික්ටෝරියා දිය ඇල්ල නිසා කියල තමයි තොරතුරු සදහන් වෙන්නේ.

මේ වීඩියෝවෙන් අපි ඔබට ගෙන එන්නෙ අපේ රට තුළ එහෙක් මෙතෙක් බිහිවුන විශිෂ්ඨ නිර්මාණයක් වන වික්ටෝරි ජාලශය රහස් බොහෝමයක් ගෙන එනවා..

Leave a Comment