තව වසර 10 කින් ලෝකය මොනවගේ වෙනස් වෙයිද ඔයා මෙහෙම හිතන්න, ඔයාගේ ජංගම දුරකථනය. ඔයාගේ මුදල් පසුම්බිය, ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එක, ඔයාගේ ඩෙබිට් කාඩ් එක, මේ ඔක්කොම වෙනුවට එකක් තිබ්බොත් කොහොමට තියෙයිද? එකක් කියන්නේ සිහින් කාඩ්පතක්.. ඉතින් මේ කාඩ්පතෙන් ඔයාට කෝල් ගන්න, සින්දු අහන්න, වීඩීයෝ බලන්න විතරක් නෙවෙයි අන්තර්ජාලය හරහා සැරිසරන්නත් පුලුවන්. හැබැයි මේක නිකන්ම නිකන් පොඩි හීනියට තියෙන කාඩ් එකක් විතරයි.. ස්මාර්ට් කාර්ඩ් සංකල්පය මේ වන විටත් යම් තරමකට දියුණු රටවල් වල ටිකෙන් ටික කරලියට බහිමින් පවතිනවා.
අනාගතයේදී ලෝකය විප්ලවීය වෙනසකට භාජනය කිරීමට මේ ස්මාර්ට් කාර්ඩ් වලට හැකියාව ලැබේවී.. අනෙක් අතට මේ සදහා ඔයාට ස්පර්ෂ තිර ටච් කිරීමට ඔයාට අවශ්‍ය නෑ.. ඉලෝන් මස්ක්ගේ නියුරලින්ක් ප්‍රොජෙක්ට් එක නිසා සිතුවිලි මගින්ම මේවා ක්‍රියාත්මක කරන්නට පුළුවන්. ඒ පුදුම සහගත ව්‍යාපෘතිය ගැන වගේම අනාගතය අමුතුම ලෝකයක් කරන තවත් දේවල් බොහොමයක් මේ වීඩියෝවෙන් ඔබට බලාගන්න පුලුවන්..අවුරුදු 10 කින් කිවට මේ වීඩීයෝ එකේ දක්වන කරුණු අවුරුදු 10 ත් 30 ත් අතර සැබෑවිය හැකි දේවල් කියලා හිතාගෙන මේ වීඩීයෝ එක බලන්න.