ශ්‍රී ලාංකිකයන් වෙන අපි ස්වාභාවික සම්පත් වලින් අනූන, ස්වාභාවික ව්‍යසන වලින් අවම බොහොම වාසනාවන්ත රටක ජීවත් වෙන පිරිසක්. නමුත් අවාසනාවකට වගේ නිදහස ලබපු දිනයේ පටන්ම අපි දියුණු වෙමින් පවතින ජාතියක්. ඒක කොහොම උනත් අතීතයේ ජීවත් වුන අපේ මිතුන් මිත්තෝ මොන වගේ ජීවිත ගත කරපු අයද? බොහොමයක් වෙලාවල් වලට ඔවුන් තමන්ගේ රටට දුර්භීක්ෂයක්, ස්වාභාවික ව්‍යසනයක් ආවොත් ඒවට මුහුණ දෙන්න තරම් ප්‍රමාණවත් වස්තුවක් නිදන් කර තබන්නට කටයුතු කලා. බොහොම දුර දක්නා නුවණින් කටයුතු කරපු හෙළ රජවරු අහසින් වැටෙන දිය බිංදුව පවා අපතේ යන්නට නොදී ශ්‍රී ලක්දිව නිෂ්පාදනය වෙන සහල් අපනයනය කරමින් දේශය සුඛිත මුදිතව පාලනය කලේ ඒ නිසායි. ඔවුන් එසේ නිදන් කල නිදන් වස්තු අද තියෙන්නේ කොහෙද? අද මේ ගවේෂණය සිදු කරන්නේ ඒ ගැන ඔයා කවදාවත් ඇහුවේ නැති පුදුම හිතෙන තොරතුරු විශාල ප්‍රමානයක් ඔයාලා වෙත ගෙන එන්නයි.
නිදන් කිව්වම අපි හැමෝගෙම මතකයට එන්නේ රත්‍රං, මුතු මැණික් වලින් පිරුණු ද්‍රව්‍යමය නිධන් විතරයි. නමුත් අතීත හෙලයන් නිදන් යන වචනය වර්ග පහකට බෙදන්නට සමත් වුනා. තමන්ගේ පරම්පරා වලින් පැමිණි දැනුම පවා ඔවුන් සැලකුවේ නිදන් විදියටයි. මේ පිලිබද සම්පූර්න තොරතුරු ඇතුලත් ග්‍රන්ථය හදුන්වන්නේ නිදන් වදුල විදියටයි. මේ නිදන් වදුල පොත ගැන යමෙක් සැක සංකා පල කලත්, බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ නැවත ගොඩ ගැනීමේ අරමුණෙන් නිදන් කෙරූ වස්තුවල සහ නැවත භාවිතා කල යුතු දැනුම් පද්ධතිය මෙම නිදන් වදුල තුල සාරාංශ ගත කර තිබෙන බවයි.
මේ ගවේශනයේ සම්පූර්ණ තොරතුරු දැනගන්න වීඩියෝවත් සමඟ එකතු වන්න