Breaking News Local News World News

රුසියාව අවසන් තීරණය ගනියි.. අවසානයේදී හරීන් සමාව අයදියි…

ඉකුත් 02 වැනිදා මගීන් 191 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 13 දෙනකු සමගින් කටුනායක ගුවන් තොටුපොළේ සිට රුසියාවේ මොස්කව් නුවර බලා දහවල් 12.50ට පියාසර කිරීමට නියමිතව තිබූ රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සේවයේ NU 288 දරන ගුවන්යානය සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණය විසින් අදාළ වාරණ නියෝගය නිකුත් කර තිබිණි.

අදාළ ගුවන් යානය මේ වනවිටත් කටුනායක ගුවන් තොටුපොළ අංගණයේ දුරස්ථ ස්ථානයක රඳවා තබා තිබෙන අතර, එහි එන්ජිම ආවරණය කිරීමට ද කටයුතු යොදා ඇත.

ගුවන්යානයේ ගමන් කිරීමට නියමිතව සිටි මගීන් 191 දෙනා අතරින් අවසන් කණ්ඩායම ඊයේ (05) දින කටුනායක සිට මොස්කව් බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර රුසියාවේ එරොෆ්ලොව් ගුවන් යානය සම්බන්ධ ගැටලුව පිළිබඳව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (6 වැනිදා) පෙරවරුවේදී පැවැත්වීමට නියමිතය.

අධිකරණ ඇමැතිවරයා, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය වෙත ගොස් තානාපතිවරයා හමුවී එලෙස සාකච්ඡා කිරීමට නියමිතය.එරෝෆ්ලොට් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා අබේවික්‍රම ලියනගේ කැඳවා විරෝධය පළ කිරීමටද රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තේය.

Leave a Comment