රුසියාවයි යුක්‍රේනයයි ගැන මීට කලින් අපි හැමදාම වගේ කතා කලත් දැන් ඒ ගැන ඇහෙන්නේ බොහොම කලා තුරකින්. නමුත් අපි නොදන්නවා උනාට තාමත් අළු යට ගිනි පුපුරු ඉතුරු වෙලා තියෙනවා. අන්න ඒ ගිනි අගුරු වලට අහුවෙලා පිච්චෙන්න මේ දවස් වල සිද්ධ වෙලා තියෙන්නේ යුරෝපයේ ධනවත්, ප්‍රබල රාජ්‍යයක් වෙන ඉතාලියට. යුක්‍රේනයට එරෙහිව යුධ වදින රුසියාව මට්ටු කරන්න යුරෝපා රටවල් එකතු වෙලා දාපු සම්බාධක වලට රුසියාව දැන් දැන් උත්තර දෙන්න පටන් අරගෙන. ඉතාලියටත් යුරෝපා රටක් විදියට මේ දවස් වලට තමන්ට පුලුවන් විදියට පාඩමක් උගන්වන්න රුසියාව පටන් අරගෙන ඉවරයි.
විශේශඝයන් අදහස් දක්වන විදියට ඉතාලියට ඉදිරි කාලය ගොඩක් නරක, අසීරු කාලයක් වේවී. කොච්චර හොද නෑ කිව්වත් මේ වීඩීයෝ එක අන්තිම වෙනකන් බලන ඔයාට හිතෙයි අනේ ලංකාවේ ඉන්න අපිට මෙහෙම ප්‍රශ්න නෑනේ කියල. කඩන් වැටෙන ආර්ථීකයක් තිබ්බත්, ඉතාලිය ඉස්සරහ අපි වැලි කැටයක් වගේ පෙනුනත් ඉස්සරහට ඉතාලියට විතරක් නෙමෙයි මුලු යුරෝපයටම දරාගන්න අමාරු ගොඩක් දේවල් මේ පුංචි රටේ අපිට දරාගන්න පුලුවන් වෙනවා. මුලු යුරෝපයම කඩන් වැටෙද්දි අපිට විතරක් කෙලින් හිටගෙන ඉන්න හම්බෙන්නේ කොහොමද? අද අපි කතා කරන්නේ ඒ ගැනයි. එහෙනම් රැදිලා ඉන්න අපිත් එක්ක මෙ වීඩියෝ එකේ අවසානය වෙන තුරුම.