මේ වනවිට රට ඇතුළේ ඝාතන සංස්කෘතියක් මතුව ඇති බවත්, ජාතික ආරක්ෂාව තහවුරු කරන බව කියමින් බලය ගත් ජනාධිපතිවරයා මේ වනවිට රටේ ජනතාවගේ ආරක්ෂාව අනතුරේ හෙළා ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ බරපතළ නඩුවල සාක්ෂිකරුවන් මෙසේ ඝාතනයට ලක්වන බවට සැක මතුවී ඇති බවකි.