හෙරොයින් මිලිග්‍රෑම් 4500 ක් සමග මොරටුව අඟුලානේදී 21 හැවිරිදි පුද්ගලයකු ඊයේ (31 වැනිදා) අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි. රත්මලාන අරලිය නිවාස සංකීර්ණයේ පදිංචි සැකකරු විදේශගතව ජාවාරම මෙහෙයවන සයිමා නමැති අයකුගේ හෙරොයින් මෙලෙස විකුණා ඇති බවත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත තම මංගල උත්සවයට අවශ්‍ය මුදල් උපයා ගැනීමේ අරමුණින් මෙම ජාවාරමට ඔහු එකතු වී ඇති බව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
උපුටාගැනීම – අරුණ