Sunday, February 1, 2026
22.3 C
Sri Lanka

මුදල් ගසාකන පෞ​ද්ගලික පාසල් වලට වැඩ වරදින ලකුණු.

රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීමේ දී අසාධාරණ ලෙස විශාල වශයෙන් මුදල් අය කිරීම නතර කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානය යොමු කර තිබේ.

මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස වසන්තා පෙරේරා නව වසරේ දී පත්වීමත් සමග මේ පිළිබඳ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව එහි ආරංචි මාර්ග කීවේය.

අංක 61 8 දරන උපකෘත පාඨශාලා සහ අභ්‍යාස විද්‍යාල පනත අනුව රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට ඇතුළත් කෙරෙන සිසුන්ගෙන් මුදල් අය කිරීමට නොහැකිය.

එම පාසල්වල හයදහසක් පමණ වන ගුරුවරුන් වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් කෝටි දෙසිය පනස් තුනකට අධික මුදලක් වැය කරන අතර ඒවායේ දරුවන්ට පෙළපොත් සහ නිල ඇඳුම් ලබා දෙන්නේ ද නොමිලයේය.

එසේ තිබියදී එම පාසල්වලට ඇතුළත් කෙරෙන සිසුන්ගෙන් අසාධාරණ මුදල් අය කිරීමට සම්බන්ධයෙන් අමාත්‍යාංශයට වරින් වර පැමිණිලි ද ලැබෙන බව ඉහත ආරංචිමාර්ග පැවැසීය.

මේ අතර අධ්‍යාපන විද්‍යාපීඨ පුහුණුව ලබන ගුරුවරුන් සිය පාසල්වලට යොමු කරගැනීමේ වැඩපිළිවෙළක් පෞද්ගලික පාසල් විසින් ආරම්භ කරනු ලැබ ඇත. 

විද්‍යාපීඨ පුහුණුවෙන් පසු එම ගුරුවරුන් රජයේ පාසල්වල සේවය කිරීම අනිවාර්ය වන අතර එසේ නොකර ගිවිසුම කඩ කරන්නේ නම් ගෙවිය යුතු වන්නේ රුපියල් තිස් පන් දහසක් පමණි.

මෙම මුදල රුපියල් හත් ලක්ෂය දක්වා වැඩි කිරීමට අමාත්‍යාංශය සාකච්ඡා කර ඇති නමුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගෙන නැත.

මේ නිසා පුහුණුවෙන් පසු ගිවිසුමෙන් ඉවත් වීමට යම් ගුරුවරයෙක් ඉල්ලා සිටියහොත් අමාත්‍යාංශයට ඒ සඳහා ඉඩ දීමට සිදු වන බවත් ඉහත ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img