Friday, December 5, 2025
20.8 C
Sri Lanka

කොතලාවල ආරක්ෂක සරසවි සිසුන් ගිය බදුල්ලේ බස් අනතුර ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

අද (1) උදෑසන බදුල්ල අඹගස්හන්දිය ප්‍රදේශයේ සිදුවූ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පිරිසක් රැගත් බස් රථ අනතුර සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින්

 කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දක්‍ෂිණ මණ්ඩපයේ (සූරියවැව) පිරිසක් රැගත් බස්රියක් බදුල්ල ප්‍රදේශයේදි රිය අනතුරකට භාජනය වීම සම්බන්ධවයි.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පිරිසක් ගමන් ගනිමින් සිටි බස් රථයක් දුන්හිඳ – බදුල්ල මාර්ගයේ අඹගස් හන්දිය ප්‍රදේශයේදී අද (නොවැ 01) දින උදෑසන 0745 ට පමණ අනතුරට ලක් විය.  කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් 03 දෙනෙක්,

එම කණ්ඩායම භාරව කටයුතු කල උපදේශකවරයෙක්, බස් රථය භාරව ගමන් කල ජ්‍යෙෂ්ඨ හමුදා සාමාජිකයෙක් හා බස් රථයේ රියදුරා ඇතුළු 42 දෙනෙක් මෙම පිරිසට අයත් වූහ.

සිදු වූ අනතුරින් ශිෂ්‍යාවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, තවත් 40 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇත. මියගිය සිසුවියන් දෙදෙනා කුරුණෑගල හා නිවිතිගල පදිංචිකාරියන් වන අතර, තුවාල ලබා ඇති සිසුන් මේවන විට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, ඉන් 07 දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ඇති බව හා එක් අයෙකුගේ තත්වය බරපතළ වන බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මිය ගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කොට ඇති බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රකාශ කළේය.

තවද, ආරක්‍ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි අවශ්‍ය වුවහොත් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගීන් කොළඹට ගෙන ඒමට ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මේවන විට දියතලාව ගුවන් හමුදා කදවුරේ ස්ථානගත කොට ඇත.

ලැබී ඇති තොරතුරු අනුව, බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදු වී ඇතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම අනතුර සිදුවූ මොහොතේ අනතුරින් තුවාල ලැබූවන් එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමටත් ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමටත් ක්‍රියාකළ ප්‍රදේශවාසීන් ඇතුළු සියලු දෙනාට හා වෛද්‍ය පාලිත රාජපක්‍ෂ මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය වෙත ආරක්‍ෂක අමාත්‍යාංශය සිය ස්තූතිය පුදකර සිටී.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img