Friday, January 30, 2026
17.8 C
Sri Lanka

සංහිදියාවේ අදහස් විමසුමේ දී නැවත විවාහ වීම සඳහා සහනකට යෝජනාවක්..

කොමසාරිස්වරුන් තෝරා ගැනීමේදී කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම සඳහා මෙන්ම වැන්දඹු කාන්තාවන් සඳහා දීමනා හා වැටුප්වලින් 50%ක අයිතියක් සහිතව නැවත විවාහ වීම සඳහා සහන සැලසෙන අයුරින් නීති සංශෝධනය කිරීම සඳහාද යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

මෙය යෝජනා වී ඇත්තේ ජනවාර්ගික ගැටුම් සහ යුද්ධයෙන් පසුව ඇති වූ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් සංවාදයක් ගොඩනැගීම සහ ඒ සඳහා අවධානය යොමු කිරීමේ උත්සාහයක් ලෙස, සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) කොමිෂන් සභාව විසින් පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලද රැස්වීම් තුනක් හරහා පාර්ශවකරුවන්ගේ අදහස් විමසීමේ දී.

රාජ්‍ය නිලධාරීන්ගේ සිට බිම් මට්ටමේ සංවිධාන දක්වා සමාජයේ පුළුල් පරාසයක පිරිසක් සහභාගී වූ මෙම සාකච්ඡාවේදී රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ බිම් මට්ටමේ සංවිධානවල සාමාජිකයන් ඇතුළු පිරිසගේ අදහස් ලබා ගැනීම සිදු කෙරිණා.

සංහිඳියා ක්‍රියාවලියේදී දේශීය ඉදිරි දර්ශනවල වැදගත්කම පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් වැඩබලන ලේකම් සී.පී.රාජකරුණා සහ දිස්ත්‍රික් පරිපාලනය විසින් මෙහිදී කරුණු අවධාරණය කෙරුණා.

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් සභාවල දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් මෙහිදී ඒකාබද්ධ පළාත් උපාය මාර්ගවල අවශ්‍යතාව අවධාරණය කරමින් පිරිස වෙත ඒ පිළිබඳ අවබෝධයක් ලබා දී තිබෙනවා.

හිටපු හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ප්‍රජා පාර්ශ්වකරුවන් විසින් සමාජ දුක්ගැනවිලි විසඳීම සඳහා අත්‍යවශ්‍ය වන බිම් මට්ටමේ ක්‍රියාකාරකම් පිළිබඳ ව ප්‍රධාන වශයෙන් කරුණු ඉදිරිපත් කර ඇත්තේ.

මීට අමතරව, ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබීමෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල විවිධ ගැටළු විසඳීම සඳහා වන අවශ්‍යතාව ද අවධාරණය කෙරිණා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img