Advice to Life

කසාද ජීවිතේ හැමදාම සතුටින් ගත කරන්න – මේ රහස් අට පිළිපදින්න!

විවාහ ජිවීතේ කියන්නේ හැමෝම කියන විදියට පටන් ගත්ත මුල් කාලේ බොහොම ආදරෙන් සතුටින් ගෙවිලා යන ඒත් ටික කාලයක් යනකොට එපා වෙන දෙයක්. නමුත් ඒක ඇත්තටම එහෙම නම් නෙමෙයි. ඔනෑම යුවලකට පුලුවන් තමන් ආදරය කරන කාලේ, තමන් විවාහ වුන මුල් කාලේ වගේම හැමදාමත් සතුටින් ආදරයෙන් කල් ගත කරන්න. ඒත් ඒ වෙනුවෙන් ඔයාලට පොඩි කැපකිරීම් ටිකක් කරන්න වෙනවා. ඇත්තටම කිව්වොත් ඔයා හිතන විදිය පොඩ්ඩක් වෙනස් කරන්න පුලුවන් නම් ඔයාට පුලුවන් ඔයාගේ ජීවිතේ හැමදාමත් ආදරයෙන් සතුටින් ගත කරන්න. ඉතින් බලන්නකෝ ඒ කරුණු අට මොනවද කියල.

අංක එක – යාලුවන් පවුලේ අය ප්‍රතික්ෂේප කරන්න එපා.

දෙදෙනෙක් විවාහ වුනාම පවුල් දෙකකුත් නොදැනීම එකතු වෙනවා. ඉතින් ඔයා බිරිදක් නම් ඔයාගේ සැමියාගේ පවුලේ අය යහලුවන් එක්ක බොහොම සුහදව කතා බහ කරන්න අමතක කරන්න එපා. ඒවගේම ඔයා සැමියෙක් නම් ඔයාගේ බිරිදගේ යහලුවන් පවුලේ එය එක්ක හොදින් කටයුතු කරන්න මතක තියාගන්න. ඒ විතරක් නෙමෙයි දෙන්නගෙන් කෙනෙක් යහලුවන් එක්ක පොඩ්ඩක් එලියට යන්න අහනකොට, සාදයකට යන්න සූදානම් වෙනකොට ඔවුන්ට තනිවම එවාට සහභාගී වෙන්නත් අවස්තාවක් දෙන්න. ඒක ඔයාලගේ සම්බන්ධය සාර්තක වෙන්නත්, විශ්වාසය වැඩි දියුණු වෙන්නත් ලොකු උදව්වක් වේවී.

අංක දෙක – හිතනවා වෙනුවට අහලා දැනගන්න.

ගොඩක් වෙලාවට දෙන්නා දෙමාල්ලන් අතර ප්‍රශ්ණ ඇති වෙන්නේ දෙන්නා කතා නොකර එක එක දේවල් තනියම තීරණය කරන නිසා. උදාහරණයක් විදියට ඔයා ඔයාගේ බිරිදට තැග්ගක් දෙන්න යනවා නම් එයාට ඇත්තටම මොනවද මේ වෙලාවේ ඕන කියල අහල දැනගන්න. ඒ විතරක් නෙමෙයි ඔයාගේ සැමියා බිරිද සතුටින්ද ඉන්නේ, එයාලගේ හිතේ ප්‍රශ්ණයක් තියෙනවද, මේ වෙලාවේ ඇත්තටම මොනවද ඕන කියල එයාලගේ වචනෙන්ම දැනගන්න. එහෙම නැතුව තනියම හිතල නිගමන වලට එන්න එපා.

ආංක තුන – ජීවිතයට විවිධත්වයක් එකතු කරගන්න.

නිතරම දකින කුකුලගේ කරමලේ සුදු පාටට පේනවා කියල කතාවක් තියෙනවනේ. ඉතින් ඒ නිසා ඔය දෙන්නට පුලුවන් තරම් ජීවිතයට විවිධත්වයක් එකතු කරගන්න. හැමදාම ගෙදර උයල කෑම කනවා වෙනුවට එලියට ගිහින් කෑම ගන්න, හැමදාම හදන කෑම වලට වඩා වෙනස්ම කෑමක් රස බලන්න උත්සාහ කරන්න. ඒ විතරක් නෙමෙයි නිවාඩුවකට යහලුවන් මිතුරන් හම්බෙන්න යන්න වගේ දෙයක් උනත් ඔයාට කරන්න පුලුවන්. එතකොට ජීවිතයේ තියෙන නීරස බව අඩු වෙලා ඔයාට ජීවිතය රසවත්ව අරන් යන්න පුලුවන් වෙයි.

අංක හතර – තමන්ගේ පුද්ගලිකත්වයට ඉඩක් ලබා දෙන්න.

විවාහ වෙනව කියන්නේ දෙදෙනාගේම පුද්ගලිකත්වයට සීමා දානවා කියන එකනම් නෙමෙයි. දෙදෙනාගේම පුද්ගලිකත්වයට ගරු කරන්න පුලුවන් නම් විවාහ ජිවීතය ගොඩක් සුන්දර එකක් වෙනවා. සමහර්විට ඔයාගේ සැමියා ඔයා වැඩි රුචිකත්වයක් දක්වන්නේ නැති දේවල් වලට කැමති ඇති. ඉතින් ඔහුට අවශ්‍ය ඒ නිදහස ලබා දෙන්න. සැමියා විදියට ඔබත් ඔබගේ බිරිදගේ පුද්ගලිකත්වයට අවශ්‍ය ඉඩ සහ නිදහස ලබා දෙන්න. ඔයාලාගේ ජීවිත නොදැනීම සුන්දර වෙනවා ඔයාලටම බලාගන්න පුලුවන්.

අංක පහ – ජීවිතයේ දුෂ්කර අවස්තා සතුටින් දරාගන්න.

ඔයාලා විහිළු කරලා හිනා වෙලා ඉන්න ඕන ඔයාලගේ යහලුවන් එක්ක පවුලේ අය එක්ක විතරක් නෙමෙයි. ඔයාගේ බිරිද සැමියා එක්කත් නිතරම විහිලුවක් කරලා සැහැල්ලුවෙන් හිනා වෙන්න අමතක කරන්න එපා.  ජීවිතයේ සමහර දුෂ්කර කාලයන් පසු කරගෙන යන ගමනේ නිතරම සැහැල්ලුවෙන් සතුටින් ගත කරන්න. එතකොට ඔයාට පුලුවන් වෙයි නොහොද නෝක්කාඩු අමතක කරලා සුන්දර විවාහ ජීවිතයක් ගත කරන්න.

අංක හය – වෘත්තීයමය උපදෙස් ලබා ගන්න.

මානසික උපදේශනය කියන්නේ රෝගයක් සදහා ප්‍රතිකාර ගැනීමක් නෙමෙයි. අපිට ජීවිතය තුල අත් දකින්න වෙන දේවල් නිසා ඇති වෙන අනවශ්‍ය ආතතිය දුක වගේ දේවල් සමනය කරගන්න මානසික උප්දේශනයෙන් ලැබෙන්නේ විශාල සහයක්. ඔයාට විවාහ ජීවිතය තුල යම් සහයක් උපදේශනයක් අවශ්‍ය යැයි  සිතෙනවානම් කිසිදු බාධාවකින් තොරව එයට තනි තනිව හෝ දෙදෙනාම වශයෙන් සහභාගී වෙන්නට් පුලුවන්. ඒ තුලින් ඔබ දෙදෙනාගේම සන්නිවේදන කුසලතා, මානසික සෞඛ්‍ය වගේම අනවශ්‍ය ආතතිය සමනය කිරීමටත් අවශ්‍ය සහයෝගය ලබා ගන්නට පුලුවන්.

අංක හත – තමන්ගේ සිහින අත් හැර දැමීමෙන් වලකින්න.

වීවාහ වීමට පෙර ඔබ ආශා කල දේවල් විවාහ වූ පසු නවත්වා දැමීමෙන් කාලයක් යන විට ඔබ කල කිරීමට පත් වෙන්නට පුලුවන්. මේ නිසා හැකි සෑම විටම තමන්ගේ බිරිදගේ හෝ සැමියාගේ සහය ඇතිව තමන්ගේ සිහින වෙත ගමන් කරන්න. පසු කාලිනව කනගාටුවකින් තොරව තමන්ගේ ජීවිතය ගැන සතුටු විය හැක්කේ එවිටයි. ඔබත් තමන්ගේ බිරිදගේ හෝ සැමියාගේ සිහින හදුනාගෙන ඒවා සැබෑ කරගැනීමට ඔවුන්ට අවශ්‍ය සහය ලබා දෙන්න.

අංක අට – නැති දේ වෙනුවට ඇති දේ ගැන සතුටු වෙන්න.

අපි නිතරම සැලකිලිමත් වෙන්නේ බිරිදගේ හෝ සැමියාගේ වැරදි අඩු පාඩු ගැනයි. නමුත් ඒ වෙනුවට ඔයාලට පුලුවන් නම් තමන්ගෙ බිරිදගේ සැමියාගේ තියෙන හොද පුරුදු දකින්න උත්සාහ කරන්න. තමන්ගේ ජීවිතයට එන ප්‍රශ්ණ, අභියෝග ලෙස දකින්න. අභියෝග ජය ගැනීමට තමන්ගේ බිරිද සැමියා ලබා දෙන සහය වචනයෙන් අගය කරන්න.ඔවුන්ට ස්තූති කරන්න. ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කරන්න. සාර්තක විවාහ ජීවිතයක් ගත කරන්න මේ හොද පුරුද්ද ඔයාට ගොඩක් උදව් වේවී.

Leave a Comment