අනූජ් රණසිංහ කියන්නේ වර්තමාන මැද පංතියේ සිනමාව නියෝජන කරන ජනප්‍රිය රංගන ශිල්පියෙක්. චිත්‍රපට කීපයකට රංගනයෙන් දායක වී ඇති අනූජ් වර්තමාන රංගන ශිල්පීන් අතර දක්ෂතාව සහ ජනප්‍රියත්වයෙන් කැපී පෙනෙන රංගන ශිල්පියෙක්. අනූජ් මීට පෙර විවාහ වන්නට සූදානමින් සිටියේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සමහ. හදිසියේම ඒ ආදර කතාව නැවතුණු බව කවුරුත් දන්නා කියන රහසක්. අනූජ් දැන් පෙම්වතෙක්. ඔහු පෙම්වතියත් සමඟ පසුගිය කාලයේදී නිරන්තරයෙන් ප්‍රසිද්ධ උත්සව අවස්ථාවලට සහභාගි වුණා.
අනුජ් රණසිංහ සැප්තැම්බර් මාසයේදී විවාහ වෙන්නට යනවා ලියලා ආරංචි වුණා. ඔහුගේ අතගන්නා සුරූපිනිය කවුද? ඇය රංගන ශිල්පිනියක්ද? නොඑසේනම් රංගන ක්ෂේත්‍රයේ වෙනත් ධාරාවක් නියෝජනය කරන කෙනෙක්ද? එසේත් නැති නම් වෙනත් ක්ෂේත්‍රයක් නියෝජනය කරන කෙනෙක්ද? මේ සියල්ලටම පිළිතුරු දැනගන්න සැප්තැම්බර් මාසය එළඹෙන තෙක් ඉන්න වෙනවා.