ශ්‍රී ලංකා – ඉන්දියා අවසන් සටනෙන් අපි සියල්ලෝම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. ඒක සිංහල, දෙමළ, මුස්ලිම් හැම කෙනාගේම ප්‍රාර්ථනයයි. ජාතිවාදී දේශපාලනඥයො, එකතුවී සිටින අප බෙදන්න හදනවා. අපි එකතුවුණොත් ජාතිවාදයට තිත තබා රටක් ලෙස අපට නැගීසිටිය හැකි යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මුතූර් ආසන සමුළුවේදී පැවැසීය.
අපි 14 වැනිදා මෙහි පැවැත්වීමට නියමිතව තිබූ සමුළුවේ දින වෙනස් කළේ ශ්‍රී ලංකා පකිස්තාන් තරගය තිබුණ නිසයි. අපි කවුරුත් එකතුවී ‘චියර්’ එක දෙන්නේ ශ්‍රී ලංකාව දිනවන්නයි. හොරකම නතර කළ හැකි එකම බලවේගය ජාතික ජන බලවේගයයි. සමහරු ජාතිකත්වයෙන් තමන්ගේ කියලා හිතලා ජන්ද අරගෙන ඔවුන් අන්තිමේ පැත්තෙන් පැත්තට පැන ජනතා අභිලාෂ විනාශ කරනවා. මේ රැවටීමට තවත් ඉඩ නොතැබිය යුතු යැයි ද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.