පොලිස් නිලධාරීන්ගේ රාජකාරි අනුව ඔවුන්ට ලැබුණ තෑගි මුදල් වංචා සහගතව තමන්ගේ බැංකු ගිණුමට බැර කළ සැරයන්වරයකු ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල පොලිසියට අනුයුක්ත මෙම සැරයන්වරයා පොලිසියේ මුදල් භාරව ක්‍රියාකරන නිලධාරියෙකි.
පොලිස් මූලස්ථානයෙන් එවන ලද මෙම තෑගි මුදල් රුපියල් හත්ලක්ෂ විසිඅට දහසක මුදලක් ඔහු මෙසේ තමන්ගේ ගිණුමට මාරුකර තිබෙන බව හෙළි වී තිබේ.
මෙම තෑගි මුදල් ලැබීම දිනෙන් දින ප්‍රමාද වීම පිළිබඳව සොයා බලද්දී මොහු මෙම වංචාව කර ඇති බව හෙළි වූ බව පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අතර සේවය තහනම් කළ කැකිරාව පොලිසියේ කොස්තාපල්වරයකු පොලිස් හැඳුනුම්පත රැගෙන කැකිරාව අධිකරණ භුමියේ සැකසහිතව හැසිරීම නිසා කැකිරාව පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.