Local News

වැඩිවූ බෙහෙත් මිල දරාගන්න බැරිව බදුල්ලේ ඖෂධ පරිභෝජනය බාගෙට බාගයක් අඩු වෙලා

මෑත කාලයේදී රජය විසින් ඖෂධ මිල අධික ලෙස ඉහළ දැමීමත් සමඟම තම සුපුරුදු පාරිභෝගිකයන් සංඛ්‍යාව සියයට පනහකටත් වඩා අඩු වී ගිය බැව් පෙන්වා දෙන බදුල්ල නගරය ඖෂධ අලෙවි සැල හිමියෝ එය සමාජීය ලෙස බරපතළ උභතෝකෝටික ගැටලුවක් ඒ ප්‍රකාශ කළහ.

මෙකී තත්ත්වයට එකම කාරණය ඔවුන්ට ඇති මුදල් අඟහිඟ ය බව පාරිභෝගිකයන් ඔවුන්ට පවසා තිබේ. රුචිර ගත අධික කොලෙස්ටරෝල්, දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග සඳහා ජනයා වැඩි වශයෙන් ඖෂධ මිලදී ගත්තා. එක් අයෙක් මසකට ඖෂධ වෙනුවෙන් රුපියල් 3.000 – 4.500 ක් අතර මුදලක් වැය කලා. රජය එක්වරම 79% තරමින් ඖෂධ මිළ වැඩි කළ පසු රුපියල් 6.000- 8000 ක් පමණ වැය කිරීම ඔවුන්ට අසීරු යි. එක නිවසක රෝගීන් දෙතුන් දෙනෙක් සිටින්නට පුළුවන්. එවැනි වාතාවරණයක් තුළ එම තත්ත්වය අඩු ආදායම් ලාභියෙකු ට කිසිසේත් දරාගන්න බෑ. කෙසේ වෙතත් රටේ සම්පත මිනිස් ජීවිත බව රජය තේරුම් ගන්න ඕනෑ යැයිද අලෙවිසැල් හිමියෝ තවදුරටත් කියා සිටියහ.

Leave a Comment