ශ්‍රී ලංකාව බංගලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200 ණය මුදල ගෙවා අවසන් කර ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා අවසන් ඩොලර් මිලියන 50 හා පොලිය වූ ඩොලර් මිලියන 4.5 ගෙවා අවසන් කර ඇත.
අගෝස්තු 20 වැනිදා ඩොලර් මිලියන 50 ක් ද, අගෝස්තු 31 වැනිදා ඩොලර් මිලියන 100 ක් ද මුලින් ගෙවා තිබිණි. මේ බව බංග්ලාදේශ මහ බැංකුව විසින් තහවුරු කර ඇති බව එරට මාධ්‍ය කියයි.