Entertainment

ලෝකයේ තියෙන පුදුම හිතෙන බාතෲම් 8 ක් මෙන්න.

ඔයා හිතනවා නම් සිටගෙන මුත්‍රා කිරීමේ පහසුකම් සලස්වලා තියෙනෙනෙ පිරිමි අයට විතරක් කියලා නම්, ඔයා ජර්මනිය ගැන ගොඩක් විස්තර දන්නේ නැතුව ඇති. ජර්මනියේ කාන්තාවන්ටත් සිටගෙන මුත්‍රා කිරීමේ හැකියාව තිබෙන වැසිකිලි කුටි ඉදි කරලා තියෙනවා. ඒක ටිකක් අමුතු උනත් වර්තමානයේ ජීවත් වෙන කාන්තාවන්ට නම් ඒක ගොඩක් හොද විසදුමක් වෙයි. ජර්මනියේ වගේම රටවල් ගොඩකත් මෙන්න මේ වගේ අරුම පුදුම බාතෲම් ස්තාපිත කරල තියෙනවා. අපි බලමු ඒ වගේ ඇස් උඩ යන බාතෲම් මොනවද කියල.

01.මේ තමයි ජර්මනියේ කාන්තාවන්ටත් සිටගෙන මුත්‍රා කරන්න පුලුවන් වැසිකිලි කුටි ඉදි කරල තියෙන විදිය.

2000 වසරේ සිටම සමහරක් යුරෝපීය රටවල් වල කාන්තවන්ට සිටගෙන මුත්‍රා කරන්න පුලුවන් පොදු වැසිකිලි නිර්මාණය කරලා තියෙනවා. ඒවගේම බර්ලින් නුවරත් මෙ වගේම වැසිකිලි පද්ධතියක් ඉදි කරන්න බලධාරීන් තීරණය කරලා තියෙනවා.

02.ලන්ඩනයේ සහ ඇමස්ටර්ඩෑම් වල තිබෙන එහා මෙහා ගෙන යා හැකි වැසිකිලිය.

ලන්ඩනයේ සහ ඇමස්ටර්ඩෑම් වල ඔනෑම ස්තානයකට එහා මෙහා ගෙන යා හැකි පොදු වැසිකිලි දකින්නට ලැබෙනවා. ගොඩක් වෙලාවට මේ වැසිකිලි දකින්නට ලැබෙන්නේ රාත්‍රී කාලයේදී පමණයි. දවල් කාලයේදී ඒවා සාමාන්‍යෙන් දකින්නට ලැබෙන්නේ නැහැ.

03.ඊජිප්තුවේ වැසිකිලි යන්න නම් ටොයිලට් පේපර් ගෙදරින් අරන් යන්න.

ඊජීප්තුවේදී ඔයා පොදු වැසිකිලියක් භාවිතා කරනවා නම් ඒ වෙනුවෙන් මුදලක් ගෙවන්න සිදු වෙනවා. ඒ මුදල ඔයා ගෙවන්නේ ඔයා භාවිතා කරන ටොයිලට් පේපර් වෙනුවෙනුයි. මුදල් ගෙවන්න ඔයා කැමති නැත්නම් ඔයාට පුලුවන් ඔයාට අවශ්‍ය ටොයිලට් පේපර් ගෙදරින් අරන් යන්න.

04.ලී කුඩු පුරවා තිබෙන ප්‍රංශයේ එලිමහනේ තබා ඇති වැසිකිලි.

පරිසර හිතකාමී වැසිකිලි ප්‍රංශයේ ස්තාපනය කරල තියෙන්නේ මේ විදියටයි. මේ වැසිකිලි වල පුරවා තිබෙන්නේ ලී කුඩු සහ පස් මිශ්‍රණයක් වීම විශේෂ කාරණයක්. ඒ වගේම මේ පොදු වැසිකිලි වල මල් පැළ පවා සිටවා තියෙන විදිය දැක ගන්න පුලුවන්.

05.සිංගප්පූරුවේ හරියට වැසිකිලිය භාවිතා නොකලොත් නඩු.

සිංගප්පූරුව කියන්නේ පිරීසිදු කම ඉහලින්ම අගය කරන රටක්. ඔයාට පොදු වැසිකිළියට ගිහින් ඒක ෆ්ලශ් කරන්න අමතක උනොත් ඩොලර් 150 කට ආසන්න දඩයක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ මුදල ගෙවන්න බැරි නම් සිරගත වෙන්නත් ඔයාට සිදු වේවී.

06.ස්කොට්ලන්තයේ අපූරු නීතිය.

ඔයා පොදු වැසිකිලිය හාවිතා කරනවා නම් ඇතුල් වෙන්න කලින් දොරට තට්ටු කරන එක ප්‍රධාන අංගයක් වෙනවා. ඒ වගේම ඔයා ඇතුලේ ඉද්දී තවත් කෙනෙක් වැසිකිලියට තට්ටු කලොත් ඇයට හෝ ඔහුට ඉඩ ලබා දීමත් අනිවාර්‍යෙන්ම කරන්න ඕන. තට්ටු කිරීමකින් තොරව පොදු වැසිකිලි ප්‍රරිශ්‍රයට ඇතුල් වීම දඩුවම් ලැබිය හැකි වරදක් වෙනවා.

07.චීනයේ නව තාක්ෂණයෙන් හෙඹි වැසිකිලිය.

චීනයේ 2015 වසරේ ආරම්භ කෙරුණු මේ තාක්ෂණය මගින් වැසිකිලියට ඇතුල් වන කෙනාගේ මුහුණ නැවත නැවත ඇතුල් වීමේදී හදුනා ගැනීම සිදු වෙනවා. මෙම පියවර හදුන්වා දී තිබෙන්නේ වැසිකිලි වල සනීපාරක්ෂාව වර්ධනය කර ගැනීම සදහායි.

08.ඩුබායි අහසේ සිට වැසිකිලි යන්න කැමතිද?

ලෝකයේ උසම ස්තානයක පිහිටලා තියෙන වැසිකිලිය ඩුබායි නගර මධ්‍යයේ ඉදි කරල තියෙනවා. මේ වැසිකිලිය භාවිතා කරන කෙනෙක්ට ඩුබායි නගරය පුදුම තරම් ලස්සනට බලන්න පුලුවන්. ඒ ගැන ජනප්‍රිය හොලිවුඩ් නළු විල් ස්මිත් පවා තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සදහන් කරලා තියෙනවා.

Leave a Comment