Local News

ලංකාවෙි එළවළු, පළතුරුවලට චීනයෙන් ආරාධනයක්

චීනයේ හයිනෑන් ප්‍රාන්තයේ වාර්ෂිකව පැවැත්වෙන කෘෂිකාර්මික ප්‍රදර්ශනයට ලංකාවේ පළතුරු හා එළවළු ඉදිරිපත් කරන්නැයි චීනය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට නිල වශයෙන් ආරාධනා කළේය.

ලබන දෙසැම්බර් මාසයේ දී එම ප්‍රදර්ශනය පැවැත්වේ.

චීන හයිනෑන් පළාතේ උප ආණ්ඩුකාර Gu Gang මහතා ඇතුළු නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍යංශයට පැමිණ මෙම ආරාධනාව කළේය.

මෙහිදී එම නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ වී වගාව සම්බන්ධව ද සාකච්ඡා කළහ.

හයිනෑන්  වී වගාව ප්‍රමුඛ කර ගත් ප්‍රාන්තයක් බවත් එම පළාතේ හෙක්ටයාර් එකකට වී අස්වැන්න කිලෝග්‍රෑම් 7500ක් බවත් චීන නියෝජිතයෝ පැවැසූහ.

දැනට මෙට්‍රික් ටොන් 4.5 – 5.0 දක්වා වන ලංකාවේ වී නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා හයිනෑන් ප්‍රාන්තයේ තාක්ෂණික සහයෝගය ලබා දීම සම්බන්ධව ද මෙහිදී අදහස් පළ වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ පළතුරු සම්බන්ධව කරුණු දැක්වු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ වනවිට අපනයනය ප්‍රමිතියෙන් යුත් ඇඹුල් කෙසෙල්, කටු අනෝදා, පැෂන් පෘට්, පැපොල්, හා අන්නාසි ද මෙරට වගා කරන බව සඳහන් කළේය.

Leave a Comment