කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ පිහිටි සංචාරක හෝටල් සහ නවාතැන් සපයනු ලබන ස්ථාන සඳහා වන ගාස්තු සම්බන්ධයෙන් අවම මිල ගණන් ඔක්තෝබර් මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.
සංස්ථාපිත සහ නිදහස් ස්වාධීන සංචාරක හෝටල් කාමරයක් සඳහා වන අවම මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එමෙන්ම තරු පහේ සංචාරක හෝටලයක් සඳහා අමෙරිකානු ඩොලර් 100ක මුදලක් ද තරු හතරේ සංචාරක හෝටලයක් සඳහා අමෙරිකානු ඩොලර් 75ක මුදලක් ද ප්‍රකශයට පත්කර ඇති අතර තරු තුනේ සංචාරක හෝටලයක් සඳහා අමෙරිකානු ඩොලර් 50ක් ද තරු දෙකේ සංචාරක හෝටලයක් සඳහා අමෙරිකානු ඩොලර් 35ක මුදලක් ද තරු එකේ සංචාරයක හෝටලයක් සඳහා අමෙරිකානු ඩොලර් 20ක මුදලක් ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
නේවාසික අමුත්තන් සඳහා වන ආහාර මිල ගණන් ද ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
තරු පහේ සංචාරක හෝටලයක උදෑසන ආහාරය සඳහා එක් පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් 10ක්.
දිවා ආහාරය සඳහා අමෙරිකානු ඩොලර් 15ක්.
රාත්‍රී ආහාරය සඳහා අමෙරිකානු ඩොලර් 17ක් ද වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
තරු හතරේ සංචාරක හෝටලයක් සඳහා උදෑසන ආහාරයට අමෙරිකානු ඩොලර් 9ක් .
දිවා ආහාරයට අමෙරිකානු ඩොල් 14ක්.
රාත්‍රී ආහාරයට අමෙරිකානු ඩොලර් 16ක් ද වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.