Local News

කඩින්කඩ වැසි සමඟ රට පුරා ඩෙංගු අධි අවදානම් කලාප 12ක්

පවතින වැසි තත්ත්වය සමඟ දිවයිනේ ඩෙංගු අධි අවදානම් කලාප 12 ක් නම් කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අනුව දිවයිනෙන්ම මේ වන විට ඩෙංගු රෝගීන් 64,139 දෙනකු වාර්තා වන බවත්, ඩෙංගු මරණ 38 ක් වාර්තා වන බවත් පවසන එම ඒකකය ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත් එම සංඛ්‍යාව 31,013 ක් බවත් කියයි.

මේ දිනවල පවතින කඩින්කඩ වැසි තත්ත්වය සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ අවදානමක් ඇති හෙයින් තම නිවාස, දෙපාර්තමේන්තු, පරිශ්‍ර, වැඩබිම් සිකුරාදා දිනයේ සුද්ධ පවිත්‍ර කරගන්නා ලෙස එම ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Comment