තම පුතා සහ පොලිස් නිලධාරීහු අතර ඇතිවූ සිද්ධියට අදාළව පුතා අද හෙටම නීතිය හමුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා ඊයේ (03) කියා සිටියේය.
සිය පුත්‍රයා පොලිස් නිලධාරියාට බැන වදින ආකාරය පොලිසිය මගින් වීඩියෝ කර ඇතැයි ද ඔහු කීවේය. ඒ වගේ එම චෝදනාවට ලක්වන පාර්ශවය මගින්ද සිදු කළ වීඩියෝ දර්ශනයක් තිබෙනවා. ඒ ඔබ දුටුවේ නැද්ද යැයි හෙතෙම විමසා සිටියේය.

තම පුතාගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව ආණ්ඩුවේ ප්‍රබලයන් ඔබෙන් කරුණු විමසීමක් කළේ දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෙදාරච්චි මහතා කීවේ ඔය කවුරුත් ඒ ගැන විමසුවේ නැහැ යනුවෙනි.
තම පුත්‍රයා නීතිය හමුවට ඉදිරිපත් කරන දිනය කවදාද කියා ඔහු ස්ථිර වශයෙන් ම සඳහන් කළේ නැත. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදාරච්චි මහතාගේ පුතා සහ ඔහුගේ බිරිඳ අධිවේගී මාර්ගයට පිවිසෙන ස්ථානයකදී පොලිස් නිලධාරීන් සමඟ මතගැටුමක් ඇතිකර ගෙන තිබූ අතර එම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලාවන් හි ප්‍රචාරය විය.