Advice to Life

දිනපතා මී පැණි ආහාරයට ගැනීමෙන් සිරුරට ලැබෙන ප්‍රතිලාභ 8 ක්

මී මැස්සන් විසින් මල් පැණි වල රොන් වලින් නිෂ්පාදනය මී පැණි වල පෝෂක අති විශාල ප්‍රමාණයක් අන්තර්ගත වේ. අත්‍යවශ්‍ය විටමින් සහා රයිබෝෆ්ලේවින්,යකඩ,සින්ක්,විටමින් B 6 සහා ජීර්ණක තන්තු වැනි ඛනිජ ‍රැසක් ඒවායේ අඩංගු වේ. මී පැණි වලින් මිනිසාගේ සෞඛ්‍යයේ යහපැවැත්මට විශාල ප්‍රයෝජන ‍රැසක් ලැබේ. දිනකට මී පැණි හැන්දක් පානය කිරීමෙන් මේ විශ්මිත ප්‍රතිඵල ඔබේ සිරුරටත් ලබාගත හැකිවේවි.

1 සුපැහැදිලි සමක් ලබාදේ

මී පැණි ප්‍රබල ප්‍රති-ඔක්සිකාරක මූලාශ්‍රයකි. දිනපතා මි පැණි පානය කිරීමෙන් සිරුරේ විෂ අපද්‍රව්‍ය සිරුරෙන් බැහැර කරවමින් සිරුර අභ්‍යන්තරය පිරිසිදු කිරීම සිදුකරයි. එහි අඩංගු ප්‍රති-බැක්ටීරිය ගුණයන් නිසා සම මත බැක්ටීරියාවන් වර්ධනය වීමට එරෙහි සටන් කරමින් සම ආරක්ෂා කරමින් එහි ස්වභාවය වැඩිදියුණු කරවයි.

2 බර අඩුකරයි

වෙනත් පැණිරසකාරක වලට වඩා මී පැණි වල අඩංගු සීනි සංයුතිය සාපේක්ෂව ඉතා වෙනස් ය. ඒවා සිරුරේ පරිවෘත්තිය ප්‍රබෝධවත්ව වේගවත් කිරීම සිදුකරන නිසා අමතර මේද දහනය වී සිරුරේ බර අඩුවීයාම සිදුවේ.

3 කොලෙස්ටරෝල් මට්ටම අවම කරයි.

මී පැණි වල කොලෙස්ටරෝල් කිසිසේත්ම අඩංගු නොමැත. එහි අඩංගු සංයුතීන් සහා විටමින් වර්ග ‍රැසක් මඟින් සිරුරේ ඇති කොලෙස්ටරෝල් මට්ටම ඉතා අවම අගයකට පත්කිරීමට උපකාර කරයි. දිනපතා මී පැණි පානය කිරීමෙන් සිරුරේ ප්‍රතිඔක්සිකාරක වල මට්ටමට හිතකර බලපෑම් ඇතිකරවමින් සිරුරේ අමතර කොලෙස්ටරෝල් තැන්පත් වීමට එරෙහිව ඒවායේ ඇති සටන් කිරීමේ හැකියාව වැඩිදියුණු කරවයි.

4 හෘද සෞඛ්‍යය ශක්තිමත් කරවයි

පර්යේෂණ මඟින් හෙලි වී ඇති කරුණක් වන්නේ මී පැණි වල අඩංගු ප්‍රතිඔක්සිකාරක මඟින් හෘදයේ ධමනි ප‍ටුවීම වළක්වන බවයි. එවැනි හෘදයේ හැකිළුම් ස්වභාවයන් ඇති වන ස්ථානය අනුව හෘදය අකර්මන්‍ය වීම , පපුවේ වේදනා සහා අපහසුතා මතුවීම, මතකය පරිහාණයට පත්වීම හෝ හිසරදය වැනි තත්වයන් වර්ධනය විමේ අවදානම සහිතය. දිනකට මී පැණි හැඳි කිහිපයක් ජලය වීදුරුවක් සමඟ පානය කිරීමෙන් මෙවැනි හෘදය ආශ්‍රිත ගැටලු මතුවීම වළක්වාගත හැකියි.

5 මතක ශක්තිය වර්ධනය කරයි.

මී පැණි වල අඩංගු පෝෂක වලට ආතති වලට් ඇරෙහිව සටන් කිරීම සහා සෛලීය ප්‍රතිඔක්සිකාරක ආරක්ෂක පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම (cellular antooxidant defence system) වැනි හැකියාවන් පවතින නිසා එහි ප්‍රතිඵලයක් ලෙස ස්වභාවයෙන්ම මතක ශක්තිය වැඩිදියුණු වීම සිදුවේ.මී පැණි වල අඩංගු කැල්සියම් පදාර්ථ මොලයට පහසුවෙන් අවශෝෂණය කරගනියි. එමඟින් මොලයේ ක්‍රියාකාරීත්වයට හිතකර බලපෑම් ඇතිකරනු ලබයි.

6 සුවබර නින්දක් ලබාදේ

මී පැණි වල අඩංගු සීනි මඟින් රුධිරයේ ඇති ඉන්සියුලින් මට්ටම වැඩිකිරීම සිදුකරයි. එහි ප්‍රතිඵලයක් ලෙස සිරුරේ සෙරොටොනින් ශ්‍රාවය වීමට පටන් ගනියි. සෙරොටොනින් යනු නින්ද ඇතිකරවන හෝර්මෝනයකි. එය තවදුරටත් ක්‍රියාකාරී වී මෙලටොනින් බවට සිරුරේදි පරිවර්තනය වේ. ඒවා පුද්ගලයාගේ හට ගුණාත්මක සුවබර නින්දක් සලසාදෙන ප්‍රබල හෝර්මෝන ශ්‍රාවයකි.

7 උදරයේ අපහසුතා සමනය කර නීරෝගි කරයි

මී පැණි ප්‍රබල ඇන්ටිසෙප්ටික් එසේත් නැතිනම් රෝග සමනය කරවන ඔසුවකි. හිස්බඩ මී පැණි තේ හැන්දක් පානය කිරීමෙන් ඔබේ උදරය ආශ්‍රිත ගැටලු සමනය වි උදරය නීරෝගී කරගත හැකි බව පැවසේ. මී පැණි මඟින් ජිර්ණ මාර්ගයේ හටගත හැකි විවිධ රෝගකාරක සහා අපහසුතා නැතිකර දමයි. ආමාශය තුලදි අහිතකර විෂබීජ විනාශ කර දමමින් එහි ශ්ලේෂ්මල පටලයට සිදුවී ඇති සුලු සුලු තුවාල ආදිය සුවපත් කරවයි.

8 ස්නායු වල පීඩනයන් දුරලයි.

මී පැණි වල ඇති ගුණයන් මඟින් සිරුරේ ස්නායු ලිහිල් කර සමනය කරවමින් වෙහෙසකරබව දුරු කරවයි. මී පැණි වල අන්තර්ගත ග්ලූකෝස් නියුරෝන වල සක්‍රීය ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය පෝෂකයකි. ඒවා ඉක්මනින් රුධිරයට උරාගන්නා නිසා සිරුර වඩාත් සැහැල්ලු කරවමින් මානසික පීඩාවන් සහා අපහසුතා නැතිකර දැමීමට උපකාර කරයි.

බෝනස්

මී පැණි සහා සුදුලූණු මිශ්‍ර ඔසුවක්සු- දුලූණු වල ඇති ඖෂධීය ගුණයන් සමඟ සුසංයෝගී වීමෙන් මී පැණි වල ඇති හිතකර ගුණ වඩාත් ප්‍රබල වේ. මෙම ඔසුව මඟින් ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය වඩාත් ශක්තිමත් කරමින් සිරුර නීරෝගීව තබාගැනීමට උපකාරී වේවි.

  • සුදුලූණු බිකි 3-4 ක්
  • මි පැණි කෝප්ප 1
  • මූඩියක් සහිත බෝතලයක්

පොතු ඉවත් කරගත් සුදුලූණු එම බඳුනට දමන්න. ඉන්පසුව, ඒවා වැසෙන සේ මී පැණි වත්කරගන්න. මෙහිදී බුබුලු ඉවත් කරගැනීම සුදුසුයි. බෝතලය හොඳින් මූඩියෙන් වසාගන්න. සුදුලූණු සාරය මී පැණි සමඟ හොඳින් මිශ්‍රවනතුරු එසේ දින කිහිපයක් තිබෙන්නට හරින්න. සෑම දිනකම උදෑසන හිස්බඩ මෙම මිශ්‍රණයෙන් හැන්දක් පානය කරන්න. ඔබට දවස පුරා හොඳ ප්‍රබෝධයක් සහා ශක්තිමත් බවක් දැනේවි!

Leave a Comment