මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයේ සිසුවෙකුට විභාග ශාලා පරිශ්‍රය තුළදී තරුණයන් පිරිසක් විසින් විකට් පොලු හා උණ බට වලින් පහර දීමක් ගැන (6) වෙනිදා කටුගස්තොට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කටුගස්තොට යටියාවල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවෙක්. පසුගිය 6 වැනිදා පැවති ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා ඊළග ප්‍රශ්න පත්‍රය ලබා දෙන තුරු ලැබෙන විවේක කාල සීමාව තුලදී විසි දෙනෙක් පමණ කණ්ඩායමක් පැමිණ මෙම පහර දීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.