ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ වයස අවුරුදු 34 ක් වන මවක් තමන්ගේ පෙම්වතා හමුවීමට ගිය අවස්තාවේ නිවසේ ඇති වූ ගින්නකින් දරුවන් පස් දෙනාම නිවස තුලම මිය ගොස් තිබෙනවා. මෙම සිදුවීම සිදු වී තිබෙන්නේ ඇයගේ උපන්දිනය යෙදුණු දිනයේ පෙරවරු තුනට පමණයි. 34 හැවිරිදි මව තමන්ගේ පෙම්වතා සමග කාලය ගත කර නිවසට පැම්ණෙන විට නිවස ගීනිදැල් වලින් වැසී ගොස් තිබෙන ආකාර්‍ය දැක තිබෙනවා. ඇය එම අවස්තාවේ දරුවන් බේරා ගැනීමට අසාර්තක උත්සාහයක් දරා ඇති අතර එහිදී ඇයටද තුවාල සිදු වී තිබෙනව.
ගිනි නිවීමේ ඒකකයෙන් පැමිණ දරුවන් බේරා ගැනිමට උත්සාහ කරන විට දරුවන් දෙදෙනෙක් නිදන කාමරයක් තුලත් තවත් තිදෙනෙක් මුළුතැන් ගෙය තුලත් ඇද වැටී මිය ගොස් සිටින ආකාරය දැක තිබෙනවා. ඔවුන් ජීවත් වන නිවස දෙකොසකට බෙදා මිය ගිය දරුවන් සහ ඔවුන්ගේ මව එක කොටසකත් මිය ගිය දරුවන්ගේ පියා සහ ඔහුගේ වර්තමාන බිරිද වෙනම කොටසකත් ජීවත් වී තිබෙනවා. දරුවන්ගේ මව සහ මීට කලකට පෙර දික්කසාද වී තිබෙනවා. කෙසේ වෙතත් පියා ගේ වර්තමාන බිරිද අන්ධ තැනැත්තියක් බවත් ඇයට දරුවන් බලාගන්නා ලෙස දැනුම් දී තිබුණ්ත් ඔවුන් දෙපල නින්දට වැටී තිබූ නිසා දරුවන් තනිවම කාලය ගත කර තිබෙනවා.කෙසේ වෙතත් අසල්වැසියන් ප්‍රකාශ කර තිබෙන්නේ ගින්න දරුණු ලෙස පැතිරී යද්දීත් මෙම දෙපල දරුවන් බේරා ගැනීමට කටයුතු නොකල බවයි.
එසේම මව විසින් තමන්ගේ උපන්දිනය සමරමින් දල්වා තිබූ ඉටිපන්දම ඇවිලී යාමෙන් මෙම ව්‍යසනය සිදු වන්නට ඇති බවත් පොලීසිය සැක කරනවා. කෙසේ වෙතත් මවගේ නොසැලකිලිමත්කම නිසා අසරණ දරුවන් පස් දෙනෙකු ජීවිතයෙන් වන්දි ගෙවා අවසන්. ආදාහනාගාරයේ සේවයේ නියුතු සේවකයන් මේ දරුවන් වෙනුවෙන් අලංකාර මිනී පෙට්ටි පහක් නිර්මාණය කර තිබීම බොහෝ දෙනෙක් සංවේගයට පත් කරවූ කාරණයක් වුනා.