ගාල්ලේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගය හිටපු ප්‍රවීණ ක්‍රීඩක ශේන් වෝන් වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කර තිබේ.
ට්විටර් සටහනක් තබමින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ සංචාරක අමාත්‍යංශය එක්ව ඊට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.

ශේන් වෝන් ගේ පවුලේ සමාජිකයන්ද මෙම ක්‍රිකට් තරගය නැරඹීම සඳහා පැමිණෙන බවට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී විසින් තහවුරු කර ඇති බවද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කලා. ඉතින් එතුමන් දැක්වූ අදහස පහතින් උපුටා ඇත.