පුංචි තිරයෙන් වගේම වේදිකාවෙන් කාටත් සමීප වන සුන්දර අවිහිංසක රංගන ශිල්පිනියක් තමයි උමයංගනා වික්‍රමසිංහ කියලා කියන්නේ. ඉස්සර ඇය අද දෙරණේ උණුසුම් පුවත් මොනවද කියලා අපිට කිවුවා. ඉතින් ඊට පස්සේ ඇය දේදුනු වුණා.
උමයංගනා වික්‍රමසිංහ කියන්නේ කවුරුන්ද කියලා නොදන්නා අයත් ඉතින් ඊට පස්සේ ටෙලිනාට්‍ය හරහා දේදුනු හොඳින්ම දන්නවා. කළා ලෝකයේ විවිධ පාට ගොඩක් අරගෙන පෑයූ මේ සුන්දර රංගන ශිල්පිනිය ඉන්පසු නිර්මාණ රැසක් හරහාම එකිනෙකට වෙනස් චරිත කිහිපයකින්ම ප්‍රේක්ෂකයන් අතරට ආවා.
ඉතින් ඒ අතර සුදු ඇදගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍යයේ සුබා කියන චරිතය අපේ රටේ බොහෝ දෙනෙක් අතරේ අතිශයින්ම කතා බහට ලක්වුණු චරිතයක් කිවුවොත් හරියටම හරි. කොහොම නමුත් කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන අපේ උරුබුහුටි රංගන ශිල්පිනිය පහු ගිය කාලයේ නැවතත් විවාහ වුනු බව දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.
ඉතින් මේ ආදරණීය යුවල එකතුවෙලා පහුගිය දිනයකදී අපූරු සුන්දර ෆොටෝශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඒත් එක්කම මේ සුන්දර අවස්ථාවේ මේ ආදරණීය යුවලව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසු කරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න ප්‍රමිත මාලක ඡායාරූප ශිල්පියා විසිනුයි.
ඉතින් මේ තාක් කවුරුත් දැකලා තිබුනේ නැති අපේ ආදරණීය කළා ශිල්පිනී උමයංගනා වික්‍රමසිංහ ආදරණීය සැමියත් එක්ක කරපු ප්‍රේමනීය ෆොටෝශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඒත් එක්කම පහුගිය දිනයකදී විවාහ වුනු ජනප්‍රිය නිලි උමයංගනා වික්‍රමසිංහට අපිත් හදවතින්ම සුබ පැතුම් එකතු කරන ගමන් හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
උපුටාගැනීම – කොටුව පත්තරේ
1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.
