World News

අයි.එම්.එෆ් 20 වැනිදා ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබන 20 වෙනිදා ලංකාවට පැමිණෙන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (09) පැවසීය.

මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී පැවැත්වුණු අතර රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මේ බව සදහන් කලේය.

මේ මාසය අවසන් වන විට මුල්‍ය අරමුදල කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීවේය. පවතින ආහාර හිගයට මුහුණ දීම සඳහා ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද ආහාර වේල් තුනක් ලබා ගැනීමට නොහැකිව සිටින ජනගහනයෙන් සියයට 10කට නොමිලේ ආහාර ලබා දීමට රජයට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව දක්නා මත රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.

පවතින තත්ත්වය පිළිබඳ සැබෑ චිත්‍රයක් ඉදිරිපත් කිරීමට රජයට සහාය වන ලෙස ක්‍රමත් ඉවර යම් අද හිමිකරුවන්ගෙන් ඉල්ලීමක්ද කළේය. අවශ්‍ය විටෙක මාධ්‍ය විසින් රජයට වගකිව යුතු බවත් ඒ සමගම වගකීම්සහගත වාර්තාකරණයක් අනුගමනය කරන ලෙස ඉල්ලා සිටින බවත් අග්‍රමාත්‍යවරයා ඉල්ලා සිටියේය. මාධ්‍ය හිමිකරුවන් රටේ පවතින සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී අවස්ථාවේදී අගමැතිවරයා කීවේ, ආර්ථිකයට සිදු සිදු වී ඇති හානිය නිසා එහි ප්‍රතිඵල රටට විදීමට සිදුවන බවයි.

කෙසේවෙතත් ජනතාවට වන බලපෑම් අවම කිරීමට රජය මූල්‍ය සහ සැපයුම් ආධාර ලබා දෙමින් උපරිම උත්සහයක් ගන්නා බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය. සමාජ අංශයේ සහය සඳහා රුපියල් කෝටි 20.000 ක මූල්‍ය ආරක්ෂණ ජාලයක් රැස් කරමින් සිටින අතර ජපානයේ විශ්වාසය යළි ඇතිකර ගැනීමට සහ ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට ජපානය සමඟ සාකච්ඡා කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේය.

ආහාර සහ වෛද්‍ය සැපයුම් සඳහා ආධාර ලබාදීමට රටවල් ඉදිරිපත් වී සිටින බවත් කෙසේ වෙතත් කිසිදු රටක් නොමිලේ ඉන්ධන ලබා දීමට පියවර නොගන්නා බවත් අග්‍රමාත්‍යවරයා පැවසීය. ඉදිරි මාස කීපය තුළ රට ගොඩ ගැනීමට මාධ්‍ය ආයතන වල සහාය ලැබේ යැයි විශ්වාසය තබන බව ද අග්‍රමාත්‍යවරයා කීවේය. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ ජාතික සංවිධායක සාගල රත්නායක යන මහතාටත් එම සාකච්ඡාවට සහභාගී වූහ.

Leave a Comment