Local News

ඉන්දීය මුහුදේ දී ආපදාවට පත් මෙරට ධීවරයින්ව මුදාගනී

කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගොස් ආපදාවට පත් මෙරට ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගෙන තිබේ.

ශ්‍රී ලංකාවට උතුරු දෙසින් වු ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගොස් සිටි එම ධීවරයින් විදෙස් නෞකාවක් මඟින් බේරාගැනීමෙන් අනතුරුව නාවික හමුදාව වෙත භාරදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුඳවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් වේග ප්‍රහාරක මුර යාත්‍රාව මඟින් ගොඩබිමට රැගෙනවිත් තිබේ.

එම ධීවරයින් මේ වන විට ප්‍රතිකාර සඳහා හම්බන්තො‍‍ට මූලික රෝහල වෙත යොමු කිරීමට පියවර ගත් බව නාවික හමුදාව පැවසුවේය.

පසුගිය සැප්තැම්බර් මස 02වන දින ඔවුන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර එම යාත්‍රාවේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට ලක්ව ශ්‍රී ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගොස් තිබු බව නාවික හමුදාව සඳහන් කළේය.

සමුද්‍රීය සෙවීම් හා මුඳවා ගැනීම් කලාපයන් තුළද ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නිරන්තර සුදානමෙන් පසුවන බව නාවික හමුදාව සඳහන් කළේය.

Leave a Comment