World News

ඉන්දියාවෙන් මෙරටට නව මහකොමසාරිස්වරයෙක්

ශ්‍රී ලංකාව සඳහා ඉන්දියාව නව මහකොමසාරිස්වරයෙකු පත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී සන්තෝෂ් ජා ශ්‍රී ලංකාවේ මීළඟ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස පත් කර ඇති බව වාර්තා වේ.

ඔහු මේ වන විට බෙල්ජියමේ ඉන්දියානු තානාපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි.

ශ්‍රී සන්තෝෂ් ජා මහතා කඩිනමින් ශ්‍රී ලංකාවේ නව මහකොමසාරිස්වරයා ලෙස රාජකාරී කටයුතු ආරම්භ කරනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස මේ වන විට කටයුතු කරනු ලබන්නේ ගෝපාල් බග්ලේ මහතා ය.

Leave a Comment