The voice Teens තරගාවලිය තුළ දක්ෂයින්ට ගායනයට උපන් හපන්කම් දක්වන්න අවස්ථාව ලැබෙන කදිම තෝතැන්නකි. එලෙස එම තරගාවලියෙන් තම ගායන කුසලතා ජාත්‍යන්තරය තෙක් විදහාපෑමට භාග්‍ය උදා කරගත් වගේම තම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය කරගන්නට හැකි වූ ඇය සිරස වොයිස් ටීන් තරගාවලියේ තරග කළ ඉෂිතා ප්‍රේම්නාත්ය.
ඇය වයස අවුරුදු හතරේ සිට සංගීතය හදාරා ගායන ක්ශේෂ්ත්‍රයට පිවිසිලා මුලින්ම හැදෑරුවේ කර්ණාටක සංගීතයයි. ඉතින් පාසල් කාලයේ සිටම සංගීත ක්ෂේත්‍රයෙන් විවිධ තරඟාවලි වලට සහභාගි වීමත් එක්ක ඇයගේ සංගීත දිවිය ආරම්භ වෙලා තියෙනවා. ඉතින් පාසලේ වැඩසටහනකට සහභාගි වීමත් එක්ක ඇයට ඉංග්‍රීසි ගීත ගායනා කරන්න හැකියාව තිබෙන බව දැනගන්නවා. ඇගේ වැඩිම වැඩි ම කැමැත්තත් ඉංග්‍රීසි ගීත ගායනා කරන්නටයි.
තාත්තගේ කැමැත්තට the voice teens තරඟාවලියට අයදුම් කිරීමත් එක්ක තරඟයේ සිටින ගොඩක් දෙනෙක් මට හිතවත් වුණා. ඉතින් ඒක මගේ ඉදිරි සංගීත ජීවිතයට ලොකු ප්‍රයෝජනයක් වුණා. මට ගීත පුරුදු පුහුණු වෙන්න ඒගොල්ලො උදව් කළා වගේම එයාලගේ දැනුමත් මා සමග බෙදා ගත්තා. ඉෂිතගේ පුහුණුකරුගෙන් ඇයට ලොකු සහයෝගයක් ලැබෙනවා වගේම විශාල දැනුම ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වගේම කටහඩ පවත්වාගන්න සුදුසු බෙහෙතක් හදන හැටි කියල දුන් නිසා වැඩසටහන්වල වගේම ප්‍රසංග ළංවෙද්දි ඒ බෙහෙත හදාගෙන ඇය පාවිච්චි කරනවා.

ඉතින් ඇයට ලැබුණු සම්මානය ගැන සහ ඇගේ අත්දැකීම් ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.
” මම Glorious Iconic award 2022ට අයැදුම් කළා. ඒකේදි ඉංග්‍රීසි සිංදුවක් තමයි මම ගායනා කලේ. 2022/06/06 සදුදා තමයි මට සම්මානය ලැබුණේ. චන්දිමාල් ජයසිංහ මහත්මා සහ විනූ සිරිවර්ධන මහත්මිය අතින් තමයි වේදිකාවෙදි මට සම්මානය ලැබුණේ.
මට වොයිස් ටීන් තරගයට ගොඩක්ම ඇයට උදව් වුණේ මව්පියන් තමයි. එයාලා මාව නිතරම දිරි ගන්වනවා. මට ගීත පුරුදු පුහුණු කලේ මගේ අම්මා. ඇයටත් සංගීතය පිළිබදව දැනුම තිබෙනවා. ඉතින් ඒ වගේම මට මගේ පාසල වන ලයිසියම් ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ යාලුවන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ‘’

ඉතින් ඉෂිතගේ අනාගත බලාපොරොත්තුව තමයි සංගීතය අතින් ඉදිරියටම යන්න වගේම මියුසික් ඇකඩමි එකක් විවෘත කරන්න. ඉතින් ඇගේ ඉදිරි බලාපොරොත්තු ඒ විදියටම සාර්ථක වෙන්න කියා naifm අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු. මෙවැනි රසම රස ගොසිප් දැනගන්න දිගටම Naifm.lk වෙබ් අඩවිය සමගින් රැදී සිටින්න අමතක කරන්න එපා.
