ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ නොමැති බව BBC සම්මුඛ සාකච්ඡාවේදී තමා පැවසූවේ වැරදීමකින් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.
ANI ප්‍රවෘත්ති ඒජන්සිය වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් කතානායකවරයා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා තවමත් ලංකාව තුළ සිටින බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ මොහොතේ ශ්‍රී ලංකාවේ නොමැති බවත් ඔහු රටින් බැහැරව සිටින බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන BBC නාලිකාව සමඟ සාකච්ඡාවකට එක් වෙමින් මීට පෙර සඳහන් කර තිබුණා.
