රුපියල් 18,000ක විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව අදුරේ සිටින සහ ජීවත් වීමට නිසි මාර්ගයක් නොමැති දරුවන් පස් දෙනෙකුගෙන් යුත් මාපිය යුවළක් ගැන සීගිරි පව්ව පාමුළ කලාපුරය ගම්මානයෙන් වාර්තා වේ. විදුලි බිල ගෙවීමට මුදල් සෙවීමට ගිය මෙම පවුලේ 17 හැවිරිදි පිරිමි දරුවා දවස් 6ක් ගත වුවත් තවම නිවසට පැමිණ නැත.

පියාද කුලී වැඩක් නොමැතිව අසරණව සිටින අතර 42 හැවිරිදි සහ දරුවන්ගේ මව 38 හැවිරිදි කාන්තාවක්. දළදා මාලිගාවේ සහ ක්‍රිස්තියානි පල්ලියක ආධාරයකින් බාගෙට තනා දුන් නිවසේ ඔවුන් ජීවත් වෙන අතර එහි කාමර දෙකකම විදුලිය විසන්දි කර ඇත. දිනකට එක් වේලක් ආහාර ගැනීමට නොහැකි තරම් අසරණ මේ පවුලේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමටද ගැටළුවක් වේ. මේ තරුණ මව දියණිවරුන්ගේ ආරක්ෂාව පතා මහජනතාවගෙන් ආධාරයක් ඉල්ලා සිටී.
ඔවුන්ගේ ලිපිනය එච්.ඩී.නයනි රම්‍යලතා , අංක 259/4, කලාපුරය, සීගිරිය.