Advice to Life

එල් පී ගෑස් මිනිසුන්ගේ එදිනෙදා ජිවිතය පහසු කරන්නේ කොහොමද?

සාමාන්‍ය ව්‍යවහාරයේදී ගෑස් විදියට හදුන්වන LP ගෑස්, වර්තමානය වෙනකොට නිවෙස් වල වගේම විවිධාකාර කර්මාන්ත වලත් විශාල වශයෙන් භාවිතා වෙනවා. ඒ අනෙකුත් ඉන්ධන ප්‍රභවයන් වලට වඩා සෑම අතකින්ම එල් පී ගෑස් මිනිසාගේ ජීවිතයට පහසුදායි මෙන්ම වාසිදායක ඉන්ධන ප්‍රභවය බවට පත් වී තිබෙන නිසායි. එල් පී ගෑස් භාවිතා කිරීමෙන් මිනිසුන්ගේ එදිනෙදා ජිවිතය පහසු වෙන්නේ කොහොමද? අද ලිපියෙන් අපි කතා කරන්නේ ඒ ගැනයි.

  1. ආහාර පිසීම සදහා.

    වර්තමානය වන විට බොහොමයක් ආහාර පිසින ලිප් සහ අවන් සදහා ඉන්ධන ප්‍රභවය ලෙස එල් පී ගෑස් භාවිතා වෙනවා. ආහාර පිසීම සදහා අවශ්‍ය උෂ්ණත්වය ඉතා ඉක්මනින් ලබා දෙන නිසාත්, උෂ්ණත්වය වරින් වර පාලනය කල හැකි වීමත් නිසා ආහාර පිසීමේදී ගෑස් භාවිතා කිරීම එම කාර්යය පහසු කරවීම සදහා විශාල වශයෙන් උපකාරී වෙනවා. දර හෝ වෙනත් ඉන්ධන වර්ගයක් භාවිතා කිරීමේදී ගත වෙන කාළය අවම වෙන නිසා වගේම අඩු ඉන්ධන ප්‍රමාණයකින් ආහාර පිස ගත හැකි නිසා ගෑස් භාවිතා කිරීම මිනිසුන්ගේ කාළය, මුදල් ඉතිරි කරන පහසුම ක්‍රමය බව අමුතුවෙන් පැවසිය යුතු නැහැ.
  2. උෂ්ණත්වය ලබා ගැනීම සදහා.

    සමකයට ආසන්න රටක් වෙන අපේ රටේ උෂ්ණත්වය වසර මුළුල්ලේම ඉතා ඉහල අගයක් ගත්තත් අධික ශීතලෙන් පීඩා විදින බොහොමයක් රටවල් වල පුද්ගලයන් අවශ්‍ය හිතකර උෂ්ණත්වය පවත්වාගෙන යාම සදහා හීටර භාවිතා කරනවා. නිවස පුරාවට ඒකාකාරී උෂ්ණත්වයක් පවත්වාගෙන යාමටත්, උෂ්ණත්වය අඩු වැඩි කිරීමටත් හැකියාව ලැබෙන නිසා බොහෝ දෙනෙක් මෙම හීටර සදහා එල් පී ගෑස් ඉන්ධන වර්ගය ලෙස භාවිතා කරනවා. ඒ එල් පී ගෑස් භාවිතයෙන් අනෙක් ඉන්ධන වර්ග වලට සාපේක්ෂව පහසුවෙන් තමන්ගේ දෛනික අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකියාව ලැබෙන නිසා වගේම ඒ මගින් සැලකිය යුතු මුදලක්ද ඉතිරි වන නිසායි.
  3. විනෝද චාරිකා වැනි නිවසෙන් පිටත සිදු කරන කටයුතු වලදී.

    සමූහ වශයෙන් සිදු කරන කදවුරු බැදීම්, ප්‍රිය සාද වැනි එලිමහනේ සිදු කරන කටයුතු වලදී අවශ්‍ය ආලෝකය සහ තාපය ලබා ගැනීමට බොහෝ දෙනෙක් එල් පී ගෑස් භාවිතා කරනවා. කදවුරු සදහාම භාවිතා කරන ගෑස් භාවිතයෙන් ක්‍රියාත්මක වෙන උදුන් වලින් ඉතා පහසුවෙන් ආහාර පිස ගන්නට පුළුවන්. ගෙන යාමේ පහසුව සහ භාවිතයේ පහසුව නිසාම බොහෝ දෙනෙක් අතර මෙම එල් පී ගෑස් වලින් බල ගැන්වෙන මෙම උදුන් විශාල වශයෙන් ජනප්‍රිය වී තිබෙනවා.
  4. විදුලිය නොමැති ප්‍රදේශ වල ආලෝකය ලබා ගැනීම ඇතුළු දෛනික කටයුතු ඉටු කර ගැනීම සදහා.

    ලංකාවේ තවමත් සමහර ප්‍රදේශ වලට විදුලිය ලැබී නැහැ. එවැනි ප්‍රදේශ වල පුද්ගලයන්ට භූමිතෙල් වැනි ඉන්ධන ප්‍රභව භාවිතා කිරීම වෙනුවට ගෑස් භාවිතා කිරීමේ වාසි කිහිපයක්ම තිබෙනවා. අධික වැසි, අකුණු හෝ කුණාටු සහිත අවස්ථා වලදී භූමිතෙල් වැනි ඉන්ධන ප්‍රභව භාවිතා කිරීම පහසු වෙන්නේ නැහැ. ඒවගේම එවැනි අහිතකර කාළගුණ තත්වයන් වලදී විදුලි සැපයුමත් බිද වැටීමක් සිදු වුවහොත් භාවිතා කල හැකි පහසු සහ වඩාත් කාර්‍ය්කෂම ක්‍රමය වන්නේ එල් පී ගෑස් භාවිතා කිරීමයි.

    ඉහත සදහන් කල කරුණු වගේම මිනිසාගේ ජිවීතය වඩාත් පහසු එකක් බවට පත් කිරීමට එල් පී ගෑස් සමත් වී තිබෙන්නේ මිලදී ගැනීමට ඇති පහසුව නිසායි. රට පුරාම ව්‍යාප්ත නියෝජිත වෙළදසැල් වලින් පහසුවෙන් එල් පී ගෑස් ටැංකි මිලදී ගත හැකි නිසා ලංකාවේ ඔනෑම ප්‍රදේශයක සිටින පුද්ගලයෙකුට පහසුවෙන් එල් පී ගෑස් භාවිතා කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. මේ නිසාම මිනිසුන්ගේ එදිනෙදා ජිවීතය පහසුවෙන්, කාර්‍ය්ක්ෂමව ගත කිරීමට එල් පී ගෑස් හේතු වෙන බව අමුතුවෙන් පැවසිය යුතු නැහැ.

Leave a Comment