නැවත වතාවක් ඉන්ධන මිල වැඩි කිරීමක් සඳහා රජය සූදානම් වන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරයි. ඒ අනුව ජුනි මස 24 වැනිදා මෙම ඉන්ධන මිල වැඩි කිරීමට සිදු කරන තුරු රට තුළ ඉන්ධන බෙදා හරිම විධිමත් නොකරනු ඇතැයි ද හෙතෙම පැවසීය.සෑම වර්ගයකම ඉන්ධන ලීටරයක් රුපියල් සියයකින් මිල වැඩි කිරීමට ඉඩ ඇති බවද හෙතෙම කියා සිටී.