Local News

වරෙන්තුකරු අල්ලන්න ගියාම පොලිසියේ තුන් දෙනෙක්ව හපා කාලා

වරෙන්තුකරුවකු අත් අඩංගුවට ගැනීමට ගිය අත්තනගල්ල පොලිසියේ නිලධාරීන් තිදෙනෙකු වරෙන්තුකරු විසින් සපාකනු ලැබ, වතුපිටිවල රෝහලට පෙරේදා (19) ඇතුලත් කර ඇතැයි අත්තනගල්ල පොලිසිය කියයි.

වරෙන්තුකරු සපා කෑම නිසා පොලිස් සැරයන්වරයෙකුගේ අතක ඇගිල්ලක් කැඩී ගොස් ඇති බවද පොලිසිය කියයි.

ඌරාපොල සීගිරි මාවත බෝපැත්ත ග්‍රාමයේ වරෙන්තුකරුවකු අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඔහුගේ නිවසේදිම මෙම සිද්ධිය වී ඇති බව පොලිසිය පැවසීය.

Leave a Comment